December 11, 2017

1498 නන්කායි භූකම්පනය සහ සුනාමිය​

1498 නන්කායි භූකම්පනය සහ සුනාමිය​

ජපානයේ නන්කායි ප්‍රදේශයට දකුණින් වූ මුහුදෙහි 1498 සැප්තැම්බර් 20 වනදා සිදු වූ නන්කායි භූ කම්පනය මැග්නිටියුඩ් 8.6 ක පමණ වූ ප්‍රබල භූ කම්පනයක් බව අනුමාන කර තිබේ.

ජපන් දූපත්වලට දකුණින් පිහිටි නන්කායි දෙකිඳ (Trough) හේතුවෙන් මෙම ප්‍රදේශයේ භූ කම්පන ඇතිවීමේ ඉඩකඩ ඉහළය.

1498 භූ කම්පනයෙන් පසු සුරුගා බොක්ක සහ කමකුරා ප්‍රදේශය ආශ්‍රිතව සුනාමියක් ඇති වූයේය.

මෙම ව්‍යසනයන් හේතුවෙන් සිදුවූ ජීවිත හානි සංඛ්‍යාව 31,000 ක් පමණ වේ යයි විශ්වාස කරනු ලබයි.

භූ කම්පනය හේතුවෙන් ඇතිවූ සුනාමියට ලක්ව කමකුරා හි කෝටොකු-ඉන් විහාරයේ පිහිටි විශාල බුද්ධ ප්‍රතිමාව තැන්පත් කර තිබූ විහාර ගෙය විනාශ විය. එම විහාර ගෙය යළි ඉදි නොකළ අතර අදටත් එම බුදු පිළිමය එම ස්ථානයේම විවෘත බිමෙහි තැන්පත් කොට තිබේ.

Pic: Geodaugherty at English Wikipedia

Related posts

Leave a Reply