December 11, 2017

ඇඩොල්ෆ් හිට්ලර් බලයට පැමිණීම​

ඇඩොල්ෆ් හිට්ලර් බලයට පැමිණීම​

ඇඩොල්ෆ් හිට්ලර් ජර්මනියේ චාන්සලර් (හෙවත් අගමැති) බවට පත් වුනේ 1933 ජනවාරි 30 වනදාය. ලෝකයේ විනාශකාරීම යුද්ධයට ඔහු හේතු වන්නට ඇතැයි ඒ වනවිට කිසිවෙකුටත් සිතෙන්නට නැතිව ඇත. ඔහුට බලයට පැමිණෙන්නට උපකාර කළ ඇතැමුන්ගේ අදහස වූයේ ඔහු තමන්ට අවශ්‍ය පරිදි නැටවීමටය. අවසානයේදී ඔවුනට සිදු වූයේ හිට්ලර්ට අවශ්‍ය පරිදි නටන්...
Read more
චීන – තායිවාන් භේදය පිළිබඳ කෙටි පැහැදිලි කිරීමක්

චීන – තායිවාන් භේදය පිළිබඳ කෙටි පැහැදිලි කිරීමක්

මහජන චීන සමූහාණ්ඩුව සහ චීන සමූහාණ්ඩුව හෙවත් (තායිවානය) අතර පවතින දේශපාලන මතභේදය 1940 දශකය කරා දිවෙයි. මෙම අර්බුදයේ මූලය ඊටත් වඩා ඈතට දිවෙන ජාතිකවාදී – කොමියුනිස්ට්වාදී සටනකි. සරලවම කිවහොත් මහජන චීනය කොමියුනිස්ට් පක්ෂය විසින් පාලනය කෙරෙන අතර තායිවානයේ ඇත්තේ කොමියුනිස්ට් විරෝධී පාලනයකි. 20 වන සියවස...
Read more
සුභාෂ් චන්ද්‍ර බෝස්

සුභාෂ් චන්ද්‍ර බෝස්

සුභාෂ් චන්ද්‍ර බෝස් (1897 ජනවාරි 23 – 1945 අගෝස්තු 18) ඉන්දියාවේ නිදහස් සටනේ නියමුවෙකි. දේශප්‍රේමියකු ලෙස ඉමහත් කීර්තියක් දිනූ අයකු වන ඔහු “නේතාජි” නොහොත් ගෞරවනීය නායකයා ලෙස ද හැඳින්වේ. කලක් ඉන්දීය ජාතික කොංග්‍රසයේ ද සභාපති වූ ඔහු පසු කලෙක ආන්දෝලනාත්මක චරිතයක් බවට පත් වූයේ ඉන්දියාවේ නි...
Read more
මාඕ සේතුං

මාඕ සේතුං

මාඕ සේතුං (1893 දෙසැම්බර් 26 – 1976 සැප්තැම්බර් 9) මහජන චීන සමූහාණ්ඩුවේ පළමු නායකයා හෙවත් සභාපති විය. එමෙන්ම චීන කොමියුනිස්ට් පක්ෂයේ ආරම්භක සාමාජිකයකු විය. 1949 ඔක්තෝබර 1 වනදා සිට සිය මරණය තෙක් මහජන චීනයේ සභාපති ලෙස කටයුතු කළේ ය. 1893 දෙසැම්බර් 26 වනදා චීනයේ හුනාන් පළාතේ ෂඕෂාන් (Shaoshan) හි උපන්...
Read more
සෝමාලියාවේ පළමු ජනපති ඒඩන් අබ්දුල්ලා ඔස්මාන් ඩාර්

සෝමාලියාවේ පළමු ජනපති ඒඩන් අබ්දුල්ලා ඔස්මාන් ඩාර්

ඒඩන් අබ්දුල්ලා ඔස්මාන් ඩාර් (1908 දෙසැ 9 – 2007 ජූනි 8) සෝමාලියාවේ පළමු ජනාධිපතිවරයා විය. 1960 ජූලි 1 වනදා සිට 1967 ජූනි 10 වනදා දක්වා එම ධූරය දැරූ ඔහු, 1967 ජනාධිපතිවරණයෙන් පැරදී බලය අත හැරියේය. අප්‍රිකානු ඉතිහාසයේ එසේ ජනාධිපතිවරණයකින් පරාජය වී සාමකාමීව බලය හැර ගිය පළමු ජනාධිපතිවරයා ඔහු ය. ඒඩන් අ...
Read more
ඩගෙස්ථාන් ස්වතන්ත්‍ර සෝවියට් සමූහාණ්ඩුව​

ඩගෙස්ථාන් ස්වතන්ත්‍ර සෝවියට් සමූහාණ්ඩුව​

පැරණි සෝවියට් දේශයෙහි රුසියානු ෆෙඩරල් සෝවියට් සමාජවාදී සමූහාණ්ඩුවට අයත්ව තිබූ ස්වතන්ත්‍ර සෝවියට් සමූහාණ්ඩුවලින් එකක් වූ ඩගෙස්ථාන් ස්වතන්ත්‍ර සෝවියට් සමූහාණ්ඩුව (Dagestan Autonomous Soviet Republic) පිහිටුවන ලද්දේ 1921 ජනවාරි 20 වනදා ය. කොකේසස් ප්‍රදේශයේ කැස්පියන් මුහුදු වෙරළබඩ පිහිටි මෙම ප්‍රදේශයෙහි ජනව...
Read more
ඇමරිකාවේ ජනාධිපතිවරණයකට ඉදිරිපත් වූ පළමු කාන්තාව වික්ටෝරියා වුඩ්හල්

ඇමරිකාවේ ජනාධිපතිවරණයකට ඉදිරිපත් වූ පළමු කාන්තාව වික්ටෝරියා වුඩ්හල්

ඇමරිකා එක්සත් ජනපදයේ ජනාධිපතිවරණයකට ඉදිරිපත් වූ පළමු කාන්තාව ලෙස ඉතිහාසයට එක්වන්නේ වික්ටෝරියා වුඩ්හල් ය. 1872 වසරේදී සම අයිතීන් පක්ෂයේ (Equal Rights Party) අපේක්ෂිකාව ලෙස ඡන්ද සටනට ඉදිරිපත් වූ ඇය ලබාගත් ඡන්ද සංඛ්‍යාව පිළිබඳ නිරවුල් වාර්තාවක් නොමැත. 1838 සැප්තැම්බර් 23 වනදා වික්ටෝරියා කැෆ්ලින් නමින් ඔහයෝ...
Read more
රුසියානු දිනය​

රුසියානු දිනය​

1990 ජූනි 12 වනදා, රුසියානු සෝවියට් සමූහාණ්ඩුවේ පාර්ලිමේන්තුව (මහජන නියෝජිත කොංග්‍රසය) විසින් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් පිළිගන්නා ලදී. මෙම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් රුසියානු ස්වෛරීත්වය පිළිගත් අතර සෝවියට් නීතියට වඩා රුසියානු පාර්ලිමේන්තුවෙන් සාදන නීති එම සමූහාණ්ඩුව තුල උත්තරීතර වන බව පිළිගන්නා ලදී. ම...
Read more
කටුවන ලන්දේසි බලකොටුව

කටුවන ලන්දේසි බලකොටුව

මාතර සිට හක්මණ හරහා වලස්මුල්ලට පැමිණ එහි සිට මිද්දෙනිය නගරය කරා ගමන් කරන්නෙකුට වලස්මුල්ලේ සිට කිලෝ මීටර පහලවක් පමණ දුරින් පිහිටි කටුවන නගරයට පැමිණිය හැක. වලස්මුල්ල දෙසින් නගරයට ඇතුලු වී තරමක් දුර ගිය තැන, වම් පැත්තෙන් වන කුඩා මාර්ගයකට හැරී මඳ දුරක් ගමන් කිරීමෙන් ඓතිහාසික කටුවන ලන්දේසි බලකොටුවවේ ප්‍රවේශ...
Read more
නැගෙනහිර සහ බටහිර​ ජර්මනිය එක්සත් කිරීම 1990

නැගෙනහිර සහ බටහිර​ ජර්මනිය එක්සත් කිරීම 1990

දෙවන ලෝක යුද්ධය අවසානයේදී පරාජිත ජර්මනිය මිත්‍ර රටවල හමුදා පාලනයට යටත් විය. 1939 දී පැවති ජර්මනියෙන් ඇතැම් කොටස් ඉවත් කර පෝලන්තයට සහ සෝවියට් දේශයට ලබාදෙන ලදී. මේ අනුව, අවශේෂ ජර්මනිය ඇමරිකා එක්සත් ජනපදය, සෝවියට් දේශය, බ්‍රිතාන්‍යය සහ ප්‍රංශය යන රටවල් අතර බෙදී ගියේ ය. මේ අතර ජර්මනියේ අගනුවර වූ බර්ලින් නගර...
Read more