December 11, 2017

ඇමරිකන් සිවිල් යුද්ධයට බලපෑ හේතු

ඇමරිකන් සිවිල් යුද්ධයට බලපෑ හේතු

ඇමරිකානු සිවිල් යුද්ධයට බල පෑ මූලිකම කරුණ නම්, එරටට එකතුවන අලුත් ජනපදවල වහල් සේවය නීතිගත කිරීම පිළිබඳ ගැටලුවය. එක්සත් ජනපදය බිහි වන සමයෙහි පටන් එරට ජනපදවලින් අඩක් වහල් සේවය නීතිගත කරන ලද ඒවා ද අනෙක් අඩ වහල් සේවය තහනම් ජනපද ද ලෙස පැවතිණ. ඇමරිකා එක්සත් ජනපදය බිහිවන අවස්ථාවේ එහි පාලනය යටතේ වූයේ වර්තමාන එක්...
Read more
කොමියුනිස්ට්වාදීන් චෙකොස්ලොවැකියාවේ බලය ඇල්ලීම – 1948

කොමියුනිස්ට්වාදීන් චෙකොස්ලොවැකියාවේ බලය ඇල්ලීම – 1948

1948 පෙබරවාරි 25 වනදා කොමියුනිස්ට්වාදීන් චෙකොස්ලෝවාකියාවේ බලය අල්ලා ගැනීම සහ ඊට පසළොස් වසකට පෙර හිට්ලර් බලයට පැමිණීම අතර සමානකම් කිහිපයක්ම පවතී. දෙවන ලෝක යුධ සමයෙහි හැරුණු විට, සිය කෙටි ඉතිහාසය පුරාවටම ප්‍රජාතාන්ත්‍රික පාලනයක් පැවති චෙකොස්ලෝවාකියාව මෙසේ 41 අවුරුද්දක කොමියුනිස්ට් පාලනය යුගයක් ආරම්භ කළේය....
Read more
පොළොන්නරුවේ පැරණිම ශිව දේවාලය

පොළොන්නරුවේ පැරණිම ශිව දේවාලය

පොළොන්නරුවේ පැරණි නගරයෙහි පිහිටි පැරණිම ශිව දේවාලය අංක 2 දරන ශිව දේවාලය බව සළකනු ලැබේ. මෙය පළමුවන රාජරාජ රජු සමයේ (985 – 1014) ඉදිකළ බව සඳහන් ය. එම දේවාලයෙන් හමුවූ ශිලා ලේඛනයකට අනුව එම දේවාලය එම රජුගේ බිසවකගේ නමින් “මානවන් මාදේවි ඊෂ්වරමුදයිගර්” ලෙස නම් කර ඇත. මෙහි ප්‍රධානම පූජා වස්තුව...
Read more
ඇමරිකන් සිවිල් යුද්ධය (1861-1865)

ඇමරිකන් සිවිල් යුද්ධය (1861-1865)

ඇමරිකා එක්සත් ජනපද ඉතිහාසයේ සිදු වූ වැදගත්ම සිදුවීම ඇමරිකන් සිවිල් යුද්ධය බව බොහෝ විචාරකයන්ගේ මතය වේ. එය ඇමරිකාව කිනම් ආකාරයේ දේශයක් වන්නේද යන්න පිළිබඳ තීරණාත්මක සාධකය බවට පත් විය. සිවිල් යුද්ධය විසින් ප්‍රධාන ප්‍රශ්න දෙකක් විසඳුන බව ඇමරිකන් සිවිල් යුධ ඉතිහාසඥ ආචාර්ය ජේම්ස් එම්. මැක්ෆර්සන් සඳහන් කරයි. ඉ...
Read more
ලේෂාන් යෝධ බුදු පිළිමය​

ලේෂාන් යෝධ බුදු පිළිමය​

තිළිණ එල්. දිසානායක විසිනි ලේෂාන් නගරයට නැගෙනහිරට වන්නට, මින්, කින්‍යි, දාදු නම් තුන් නදියන් සම්මුඛ වන ස්ථානයේ සුවිශාල ලේෂාන් බුද්ධ ප්‍රතිමාව පිහිටා තිබේ. නදී ජල තලය ආසන්නයේ පාද තබාගෙන ශක්තිමත් ශරිරයකින් යුතුව වැඩ හිදින මෛත්‍රිය බුදුරදුන් (චීන විශ්වාසය අනුව) තමන් වහන්සේ දෙඅත් දණිස මත තබාගෙන අඩවන් වු දෙන...
Read more
1997 දී ඝාතනයට ලක්වූ කිම් ජොන්ග් අන්ගේ ඥාති සහෝදරයා

1997 දී ඝාතනයට ලක්වූ කිම් ජොන්ග් අන්ගේ ඥාති සහෝදරයා

උතුරු කොරියානු නායක කිම් ජොන්ග් අන්ගේ අර්ධ සහෝදරයකු වූ කිම් ජොන්ග් නාම් 2017 පෙබරවාරි 13 වනදා මැලේසියාවේදී අභිරහස් ලෙස මිය ගිය අතර එය උතුරු කොරියානු ඔත්තු සේවා විසින් කරන ලද ඝාතනයක් බව සැළකේ. මෙම සිද්ධිය සිදු වූයේ කිම් ජොන්ග් අන්ගේ ඥාති සොහොයුරකු ඝාතනය වී වසර 20 කට පසුව වීම විශේෂත්වයකි. යී හැන් යොන්ග්ගේ...
Read more
ඉතාලි තුර්කි යුද්ධය (1911-12)

ඉතාලි තුර්කි යුද්ධය (1911-12)

1911 – 12 සමයෙහි සිදු වූ ඉතාලි තුර්කි යුද්ධය සාපේක්ෂව කුඩා යුද්ධයක් වූ නමුත් එහි බලපෑම කිහිප ආකාර විය. එක් අතකින් එය යටත් විජිතවාදයේ නිර්ලජ්ජිත ස්වභාවය පෙන්නුම් කළේය. මක් නිසාද යත් තුර්කිය සමඟ ඉතාලියට කිසිදු ආරවුලක් නොතිබීමත්, යුද්ධයට එකම ප්‍රධාන හේතුව ට්‍රිපොලිටානියාව (වත්මන් ලිබියාව) අල්ලාගැනීමේ...
Read more
බැවේරියානු සෝවියට් සමූහාණ්ඩුව​

බැවේරියානු සෝවියට් සමූහාණ්ඩුව​

1917 රුසියාවේ බෝල්‍ෂවික් විප්ලවයෙන් පසු ලෝක කම්කරු ව්‍යාපාරයේ යම් පිබිදීමක් ඇති වූ අතර පළමු ලෝක යුද්ධය නිමාවත් සමඟ 1918 අග භාගයේ යුරෝපයේ ඇතිවූ තත්ත්වයන් ද ඊට අනුබලයක් වූයේය. මේ තත්ත්වය යටතේ ලෙනින් සහ ට්‍රොට්ස්කි ප්‍රමුඛ සෝවියට් නායකත්වය බලාපොරොත්තු වූයේ යුරෝපයේ විප්ලවවාදී ව්‍යාපාර දියත් කිරීම ය. විශේෂයෙ...
Read more
ලිතුවේනියාවේ ට්‍රකායි දූපත් බලකොටුව​

ලිතුවේනියාවේ ට්‍රකායි දූපත් බලකොටුව​

ට්‍රකායි දූපත් බලකොටුව, ලිතුවේනියාවේ ට්‍රකායි හි ගල්වේ විල මැද පිහිටි දූපතක ඉදි කර ඇති මනරම් බලකොටුවකි. 13 වන සියවසේ දී එවක ලිතුවේනියාවේ සම මහාදිපාදවරයකු වූ ට්‍රකායි හි ආදිපාද කෙස්ටුටිස් විසින් මෙහි වැඩ ඇරඹූ අතර ඔහුගේ පුත්‍රයා වූ මහා විටවුටාස් මහාදිපාදවරයා විසින් 1409 පමණ වෙද්දී එහි වැඩ නිමවනු ලැබීය. 14...
Read more
චීනය විසින් ටිබෙටය ඈඳා ගැනීම​

චීනය විසින් ටිබෙටය ඈඳා ගැනීම​

1903 දී සිදු වූ බ්‍රිතාන්‍ය ආක්‍රමණයෙන් සහ 1904 දී අත්සන් කරන ලද බ්‍රිතාන්‍ය – ටිබෙට් ගිවිසුමෙන් පසු ටිබෙටය පැවැතියේ බ්‍රිතාන්‍ය ආරක්ෂාව යටතේ පවතින රාජ්‍යයක් ලෙස ය. චීනය දිගටම ටිබෙටයට අයිතිවාසිකම් කියා සිටි නමුත් එරට පැවති ව්‍යාකූල තත්ත්වය හේතුවෙන් ඒ පිළිබඳව යමක් කිරීමට ඔවුනට නොහැකි විය. මෙම තත්ත්...
Read more