December 11, 2017

කොයිබා දිවයින

කොයිබා දිවයින

පැනමාවේ පිහිටි විශාලම දිවයින කොයිබා නම් වේ. වෙරගුවාස් පළාතට අයත් මෙය පැසිෆික් සාගරයේ පිහිටා ඇති අතර දූපතේ විශාලත්වය වර්ග කිලෝ මීටර් 503 කි.

මීට වසර 18,000 ක් – 12,000 ක් අතර කාළයක ප්‍රධාන භූමියෙන් වෙන් වූයේ යයි සිතන කොයිබා දූපත යුරෝපීයයන් පැමිණීමට පෙර ස්වදේශික ජනාවාස තිබූ ස්ථානයකි. ස්පාඤ්ඤ ජාතිකයෝ මෙම ස්වදේශීන් අල්ලාගෙන වහලුන් සේ රැගෙන ගියහ.

කළක් මෙහි සිර කඳවුරක් වූ අතර දේශපාලන රැඳවියන් මෙහි රැගෙන එනු ලැබුණි. ඔවුන් බොහෝ දෙනෙකුට ජීවිත ගලවාගෙන ආපසු යාමට වාසනාව නොවීය.

කොයිබා දූපත බොහෝ කළක් ප්‍රධාන භූමියෙන් වෙන්ව පැවති හෙයින් එහි පොහොසත් ජෛව විවිධත්වයක් ඇත. එහෙයින් 1992 දී එය ජාතික වනෝද්‍යානයක් ලෙස ප්‍රකාශයට පත් කරන ලද අතර 2005 දී එම වනෝද්‍යානය යුනෙස්කෝව විසින් ලෝක උරුමයක් ලෙස ද පිළිගන්නා ලදී. එම වසරේදී සිර කඳවුර ද සම්පූර්ණයෙන් වසා දමන ලදී.

සිර කඳවුර හැරුණ කල මෑත කාළයේදී මානව ක්‍රියාකාරකම් අඩු වූ කොයිබා හි වනගහනයෙන් සියයට 85 ක් ප්‍රාථමික වනාන්තර වේ.

ප්‍රධාන ඡායාරූපය: Wikimedia Commons

Related posts

Leave a Reply