December 11, 2017

යුරෝපයේ උසම කුලුන රුසියාවේ ඔස්ටන්කිනෝ

යුරෝපයේ උසම කුලුන රුසියාවේ ඔස්ටන්කිනෝ

රුසියාවේ පිහිටි රූපවාහිනී සහ ගුවන්විදුලි විකාශන කුලුණක් වන ඔස්ටන්කිනෝ කුලුණ ලොව උසම ගොඩනැගිලිවලින් එකකි. මීටර 540.1 ක් උස මෙම කුලුණ 1967 දී නිමකළේ ඔක්තෝබර් විප්ලවයේ 50 වන සංවත්සරය සැමරීමට ය. මෙහි සැලසුම් ශිල්පියා වූයේ නිකොලායි නිකිටින් ය. මෙය යුරෝපයේ ඇති උසම කුලුණ මෙන්ම උසම ගොඩනැගිල්ලද වේ.

Pic: Wikimedia Commons
Pic: Wikimedia Commons

රුසියානු රූපවාහිනී සහ ගුවන්විදුලි විකාශන ජාලය (Russian TV and Radio Broadcasting Network) නම් රාජ්‍ය සමාගමේ මොස්කව් ශාඛාවට මෙම කුලුණෙහි වත්මන් අයිතිය ඇත.

මොස්කව් අවට ප්‍රදේශවලට ගුවන්විදුලි සහ රූපවාහිනී නාලිකා ගණනාවක විකාශයන් කෙරෙන්නේ ඔස්ටන්කිනෝ කුලුණෙහි සිටය.

ඔස්ටන්කිනෝ කුලුණෙහි 2000 අගෝස්තු 27 වනදා ගින්නක් ඇතිවූ අතර ඉන් සිව් දෙනෙක් මිය ගියහ. එමෙන්ම විකාශන කටයුතු ද ඇණ හිටි අතර කුලුණට දරුණු ලෙස අලාභ හානි සිදු විය.

Pic: Elke Wetzig
Pic: Ostankino Fire, Aug. 2000 (Elke Wetzig)

පසු කළෙක 2007 මැයි මාසයේදී නැවතත් සුලු ගින්නක් මෙහි ඇති වූ නමුත් එය පිටත වේදිකාවක ඇති වූයෙන් විශාල හානියක් සිදු නොවුණි.

Main Pic: Вячеслав Ребров

Related posts

Leave a Reply