December 11, 2017

1893 නවසීලන්ත මහ මැතිවරණය

1893 නවසීලන්ත මහ මැතිවරණය

1893 නවසීලන්ත මහ මැතිවරණය සර්වජන ඡන්ද බලය හඳුන්වා දීමෙන් පසු රටක පවත්වන ලද පළමු මහ මැතිවරණය ලෙස ඉතිහාසයට එක්ව ඇත.

නවසීලන්තයේ වයස අවුරුදු 21 ට වැඩි සියලු කාන්තාවන්ට ඡන්ද බලය ලබාදෙන පනතට එරට එවක ආණ්ඩුකාරවරයා වූ ග්ලාස්ගෝ සාමි 1893 සැප්තැම්බර් 19 වනදා අත්සන් කළේය. මේ අනුව එම නව නීතිය යටතේ එම වසරේ නොවැම්බර් 28 වනදා ඡන්ද විමසීම පවත්වන ලද අතර මඕරි ආසන 4 සඳහා දෙසැම්බර් 20 වනදා ඡන්දය පවත්වන ලදී.

මෙම මහ මැතිවරණයේදී ආසන 74 න් 51 දිනාගෙන පාලක ලිබරල් පක්ෂය යලි බලයට ආවේය. එම පක්ෂය සිය ආසන සංඛ්‍යාව එකොළහකින් වැඩි කරගත්තේය. කොන්සර්වේටිව් පක්ෂය ආසන 13 ක් පමණක් දිනාගත් අතර ස්වාධීන අපේක්ෂකයන් 10 දෙනකු ද තේරී පත්වූහ.

මෙම මැතිවරණයෙන් පසු රිචර්ඩ් සීඩන් නවසීලන්තයේ අගමැති ධූරයට පත් විය. දහතුන් වසරක් අගමැති ධූරය හෙබවූ ඔහු නවසීලන්ත ඉතිහාසයේ දිගුම කලක් එම ධූරය දැරූ පුද්ගලයා වේ.

Pic: රිචර්ඩ් සීඩන්

About The Author

Related posts

Leave a Reply