December 11, 2017

උතුරු කොරියාවේ රොඩොන්ග් සින්මුන් පුවත්පත​

උතුරු කොරියාවේ රොඩොන්ග් සින්මුන් පුවත්පත​

උතුරු කොරියාවේ පාලක කොරියානු කම්කරු පක්ෂයේ (Workers’ Party of Korea) මධ්‍යම කාරක සභාවේ නිල පුවත්පත ලෙස මුද්‍රණය වන රොඩොන්ග් සින්මුන් (කම්කරුවාගේ පුවත්පත) 1945 නොවැම්බර් 1 වනදා සිට මුද්‍රණය වන පුවත්පතකි.

මුලින් චොන්ග්‍රෝ ලෙස හඳුන්වන ලද මෙම පුවත්පත 1946 දී රොඩොන්ග් සින්මුන් ලෙස නම් කරන ලදී. උතුරු කොරියාව තුළ කොමියුනිස්ට් පාලනය ස්ථාපනය වීමත් සමඟ මෙම පුවත්පත එහි ප්‍රචලිත විය. උතුරු කොරියානු රජයේ නිල ස්ථාවරය දැනගැනීමට මෙය වැදගත් මූලාශ්‍රයක් ලෙස සැළකේ.

මෙම පුවත්පත දිනපතා පළ කෙරෙන අතර එහි පිටු හයකි. මෙහි ඉංග්‍රීසි වෙබ් අඩවියක් 2012 දී අරඹන ලදී. 1990 දශකයේදී පුවත්පතේ අලෙවිය පහළ වැටුණ අතර 2014 වන විට එය 300,000 ක් පමණ විය. එය වැඩි කරගැනීම සඳහා රජය විශේෂ අවධානයක් යොමු කළ බව වාර්තා විය.

Pic: Steve Herman on Twitter

Related posts

Leave a Reply