December 11, 2017

උතුරු කොරියාවේ හ්වසොං-14 අන්තර් මහාද්වීපික බැලිස්ටික් මිසයිලය

උතුරු කොරියාවේ හ්වසොං-14 අන්තර් මහාද්වීපික බැලිස්ටික් මිසයිලය

හ්වසොං-14 යනු 2017 ජූලි 4 වනදා උතුරු කොරියාව විසින් අත් හදා බලන ලද අන්තර් මහාද්වීපික බැලිස්ටික් මිසයිලයකි (Inter Continental Ballistic Missile – ICBM).

උතුරු කොරියානුවන් ප්‍රකාශ කරන පරිදි එය කිලෝමීටර 2,802 ක උසකට නැගි අතර කිලෝමීටර 933 ක දුරක් ගමන් කර ජපන් මුහුදට වැටුණි. මෙම මිසයිලය විනාඩි 39 ක් ගුවනේ රැඳී සිටියේය.

මෙසේ අඩු දුරක් එම මිසයිලය ගමන් කළේ සිරසත් සමඟ අඩු කෝණයකින් ප්‍රක්ෂේපණය කළ හෙයින් බව ද සඳහන් කෙරුණි.

ඇතැම් ඇස්තමේන්තුවලට අනුව මෙම මිසයිලයට කිලෝමීටර 8,000 ක් දුර ගමන් කළ හැක. එනම් ඇමරිකා එක්සත් ජනපදයේ ද ඇතැම් ප්‍රදේශ කරා එයට ළඟා විය හැක.

තවද මෙම මිසයිලයට න්‍යෂ්ඨික යුධ හිසක් ගෙන යා හැකි බව ද උතුරු කොරියානුවෝ පවසති.

Related posts

Leave a Reply