December 11, 2017

අජ්මාන් හි එමීර් ශෙයික් හුමයිඩ්

අජ්මාන් හි එමීර් ශෙයික් හුමයිඩ්

ශෙයික් හුමායිඩ් බින් රශිඩ් අල් නුඅයිමි (උපත 1931) එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අජ්මාන් හි එමීර්වරයා ය. ඔහු 1981 සැප්තැම්බර් 6 වනදා සිට එම තනතුර දරයි. අජ්මාන් හි දසවැනි පාලකයා වන ඔහු 1960 සිට එරට නියෝජ්‍ය පාලකයා විය.

ශෙයික් හුමයිඩ් මූලික අධ්‍යාපනය ලැබුවේ ඩුබායි හි ය. පසුව කයිරෝවේ වැඩිදුර අධ්‍යාපනය හැදෑරූ ඔහු සිය පියා වූ ශෙයික් රශිඩ් බින් හුමයිඩ් අල් නුඅයිමි යටතේ රාජ්‍ය පාලන කටයුතුවලට අත තැබීය.

1971 දෙසැම්බර් 10 වනදා අජ්මාන් රාජ්‍යය, එක්සත් අරාබි එමීර් රාජ්‍යයට සම්බන්ධ වූ අතර 1981 දී සිය පියාගේ ඇවෑමෙන් රාජ්‍යත්වයට පත්වූ දා පටන් ශෙයික් හුමයිඩ් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ උත්තරීතර පාලක සභාවේ සාමාජිකයෙකු ලෙස කටයුතු කරයි.

ශෙයික් හුමයිඩ් යටතේ අජ්මාන් රාජ්‍යයේ පෙර නොවිරූ දියුණුවක් සිදුවී තිබේ.

ශෙයික් හුමයිඩ්ගේ පළමු විවාහයෙන් උපන් අසාන් කුමරු 1980 දශකයේදී අනතුරකින් මිය ගියේය. වර්තමාන කිරුළ හිමි කුමරු අම්මාර් බින් හුමයිඩ් අල් නුඅයිමි මෙන් ම අහ්මඩ් බින් හුමයිඩ් අල් නුඅයිමි සහ අබ්දුල් අසීස් බින් හුමයිඩ් අල් නුඅයිමි යන කුමාරවරුන් ද, අයිෂා සහ ෆාතිමා නම් දියණියන් දෙදෙනෙක් ද ඔහුගේ දෙවන විවාහයෙන් උපන්නෝය. ශෙයික් හුමයිඩ්ගේ තෙවන බිරිඳ ශෙයිකා ෆාතිමා අබුඩාබි හි අල් නහ් යාන් පෙළපතේ කුමරියකි. එම විවාහයෙන් ලැබුණ පුත්‍රයා ශෙයික් රශිඩ් බින් හුමයිඩ් අල් නුඅයිමි ය. ඔහු අජ්මාන් නගර සහ ක්‍රමසම්පාදන දෙපාර්තමේන්තුවේ සභාපති වේ.

Related posts

Leave a Reply