December 11, 2017

Developing: පෘතුගාලයේ ලැව්ගිනි හේතුවෙන් 62 ක් මිය යති

Developing: පෘතුගාලයේ ලැව්ගිනි හේතුවෙන් 62 ක් මිය යති

මධ්‍යම පෘතුගාලයට බලපෑ දරුණු ලැව්ගිනි තත්ත්වයක් හේතුවෙන් අවම වශයෙන් පුද්ගලයන් 62 දෙනකු මරණයට පත්ව තිබේ.

මේ අතරින් වැඩි පිරිසක් මියගොස් ඇත්තේ සිය මෝටර් රථවල නැගී ලැව්ගිනි පවතින ප්‍රදේශවලින් පළා යාමට උත්සාහ කිරීමේදී ය.

පෘතුගාල අගමැති අන්තෝනියෝ කොස්තා ප්‍රකාශ කළේ මෑත කාළයේදී ලැව්ගිනි අනතුරු හේතුවෙන් ඔවුන් මුහුණ දෙන දරුණුම ඛේදවාචකයට එරට මුහුණ දෙමින් සිටින බවයි.

මෙම ලැව්ගිනි හේතුවෙන් අවම වශයෙන් තවත් 60 කට ආසන්න පිරිසක් තුවාල ලබා සිටිති.

ජූනි 17 වන සෙනසුරාදා සවස් යාමයේ මෙම ලැව්ගිනි හට ගත්තේ පෙද්‍රොගාඕ ග්‍රාන්ඩේ ප්‍රදේශයේ ය. ඉන්පසු ඒවා වේගයෙන් පැතිර ගියේය.

සෙනසුරාදා රාත්‍රිය වනවිට පෘතුගාලයේ ලැව්ගිනි 60 ක් පමණ වාර්තා වූ අතර ගිනි නිවන භටයන් 1700 ක් පමණ එම ගිනි පාලනය සඳහා යොදවා තිබුණි.

මෙම ලැව්ගිනි ඇති වූයේ අයිබීරියානු අර්ධද්වීපය ම දරුණු උෂ්ණාධික තත්ත්වයකට මුහුණ දෙමින් සිටියදී ය. ඇතැම් ප්‍රදේශවල උෂ්ණත්වය සෙල්සියස් අංශක 40 දක්වා ඉහළ ගොස් තිබූ බව වාර්තා විය.

පෘතුගාල රජය දින තුනක ජාතික ශෝක කාළයක් ප්‍රකාශ කළේය.

Related posts

Leave a Reply