December 11, 2017

අබු ඔමාර් අල්-බග්ඩාඩි

අබු ඔමාර් අල්-බග්ඩාඩි

අබු ඔමාර් අල්-බග්ඩාඩි (මරණය 2010 අප්‍රේල් 18) ඉරාකයේ ක්‍රියාත්මක වූ මුජහිදීන් ෂූරා කවුන්සිලයේ නායකයකු ව සිට පසුව ඉරාකයේ ඉස්ලාමීය රාජ්‍යය ත්‍රස්ත සංවිධානයේ නායකයා බවට පත් විය. පසු කළෙක සංවිධානය බිහි වූයේ එම සංවිධානය ව්‍යාප්ත වීමෙනි.

අබු ඔමාර් අල්-බග්ඩාඩි සැබෑ නම හමීඩ් ඩාවුඩ් අල්-සාවි ය. ඔහු 1990 දශකයේ ඉරාක පොලිසියේ බ්‍රිගේඩියර් ජනරාල්වරයකු වූ බවට විශ්වාස කෙරෙන අතර ආගමික අන්තවාදී අදහස් හේතුවෙන් සදාම් හුසේන් පාලනය විසින් ඔහු පොලිසියෙන් නෙරපන ලද බව ද සඳහන් වේ.

2006 ඔක්තෝබරයේදී අල්-බග්ඩාඩි ඉරාකයේ ඉස්ලාමීය රාජ්‍ය (Islamic State of Iraq – ISI) ත්‍රස්ත ව්‍යාපාරය පිහිටවූ සමයේ පටන් එහි ප්‍රබලයකු විය. ඊට පෙර මුජහිදීන් ෂූරා කවුන්සිලයේ ද ඔහු ප්‍රබලයකු වූ බව සළකනු ලබයි. එහෙත් ඔහු පිළිබඳ වැඩි විස්තර සඳහන් නොවේ.

අල්-බග්ඩාඩි නම් පුද්ගලයා පිළිබඳ සැක සංකා මතු වූයේ 2007 දී ඇමරිකානු හමුදා ප්‍රකාශක බ්‍රිගේඩියර් ජෙනරාල් කෙවින් බර්ග් නර් විසින් අල්-බග්ඩාඩි යනු ප්‍රබන්ධ චරිතයක් බව ප්‍රකාශ කරනු ලැබීමත් සමඟය.

කෙසේ වෙතත් මෙම පුද්ගලයා සැබෑ අයකු බව විශ්වාසය පහ නොවීය. මේ අතර 2009 දී අල්-බග්ඩාඩි අත් අඩංගුවට ගත් බව ඉරාක රජය ප්‍රකාශ කළ අතර ඔහු බවට ප්‍රකාශ කරමින් පුද්ගලයකු ද ප්‍රදර්ශනය කරන ලදී. නමුත් අල්-බග්ඩාඩි දිගටම හඬපට නිකුත් කරන්නට විය.

මේ අතර 2010 අප්‍රේල් 18 වනදා ටික්‍රිට් නගරය අසළ වූ නිවසකට ඇමරිකානු සහ ඉරාක හමුදා විසින් එල්ල කළ රොකට් ප්‍රහාරයකින් අල්-බග්ඩාඩි මිය ගියේය. ඒ සමඟම ඉරාකයේ ඉස්ලාමීය රාජ්‍ය සංවිධානයේ අනෙක් නායකයා වූ අබු අයුබ් අල්-මස්රි ද මරණයට පත් විය.

මොවුනගේ මරණින් පසු අබු බකර් අල්-බග්ඩාඩි සංවිධානයේ නායකත්වයට පත් විය.

ඡායාරූපය: අබු ඔමාර් අල්-බග්ඩාඩි (වමේ) සහ අල්-මස්රි

Related posts

Leave a Reply