December 11, 2017

කැනඩාවේ පළමු සමාජවාදී ආණ්ඩුව​

කැනඩාවේ පළමු සමාජවාදී ආණ්ඩුව​

කැනඩාවේ සමාජවාදී ආණ්ඩුවක් බිහි වූ පළමු අවස්ථාව ලෙස පොදුවේ පිළිගැනෙන්නේ 1944 සස්කචවාන් ප්‍රාන්ත මැතිවරණය ය. එය 1944 ජූනි 15 වනදා පැවැත්විණ.

මෙහිදී කෝපරේටිව් කොමන්වෙල්ත් ෆෙඩරේෂනය (Co-operative Commonwealth Federation – CCF) ආසන 52 න් 47 ක් දිනාගෙන මැතිවරණය ජයග්‍රහණය කළේය. එහි නායක ටොමී ඩග්ලස් සස්කචවාන් හි අගමැති බවට පත් වූයේය. මේ අතර පාලක ලිබරල් පක්ෂය ආසන 5 ට පල්ලම් බැස්සේය.

CCF පක්ෂය සමස්ථ ඡන්ද සංඛ්‍යාවෙන් සියයට 53.13 ක් දිනා ගත්තේය. ඒ ලිබරල් පක්ෂය විසින් CCF පක්ෂය කොමියුනිස්ට්වාදී බවට දිගින් දිගටම කළ චෝදනා ද මධ්‍යයේ ය.

CCF පක්ෂය සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයක් විය. එය 1932 දී පිහිටුවාගනු ලැබුයේ විවිධාකාර සමාජවාදී, සමූපකාරවාදී, ගොවිජන සහ කම්කරු කණ්ඩායම්වල එකමුතුවෙනි. පසු කලෙක කැනඩාවේ නව ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය බිහි වීමට ද එය මුල් වූයේය.

About The Author

Related posts

Leave a Reply