December 11, 2017

Developing: ලන්ඩන් නගරයට ත්‍රස්ත ප්‍රහාර කිහිපයක්

Developing: ලන්ඩන් නගරයට ත්‍රස්ත ප්‍රහාර කිහිපයක්

ලන්ඩන් නගරයට බ්‍රිතාන්‍යයේ වේලාවෙන් 2017 ජූනි 3 රාත්‍රියේ තවත් ත්‍රස්ත ප්‍රහාරයන් කිහිපයක් එල්ල විය.

මුල්ම සිද්ධිය වාර්තා වූයේ එරට වේලාවෙන් ජූනි 3 වනදා රාත්‍රී 10 පසුවීමත් සමඟය. ලන්ඩනයේ සුප්‍රකට ලන්ඩන් පාලම මතදී සුදුපැහැති වෑන් රථයක් පදිකයින් කිහිප දෙනෙකු යට කරගෙන ගමන් කළේය.

ඉන් පුලු වේලාවකට පසු බරෝ මාර්කට් වෙළෙඳපල ප්‍රදේශයෙන් පිහි ඇනුම් කිහිපයක් පිළිබඳ වාර්තා විය.

නාගරික පොලිසිය මෙම වාර්තාවලට ප්‍රතිචාර දැක්වූ අතර බරෝ මාර්කට් ප්‍රදේශයේදී වෙඩි තැබීමක් ද වාර්තා විය.

මේ අතර වොක්ෂෝල් ප්‍රදේශයෙන් තවත් සිද්ධියක් වාර්තා වන බව පොලිසිය ප්‍රකාශ කළේය. නමුත් ඔවුන් පසුව සඳහන් කළේ එය ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධ සිද්ධියක් නොවන බවය.

බ්‍රිතාන්‍යයේ වේලාවෙන් ජූනි 4 වනදා අලුයම 12.25 ට, එනම්, මුල්ම ප්‍රහාරය වාර්තා වී පැය දෙකහමාරකට පසු, ලන්ඩන් පොලිසිය සඳහන් කළේ ලන්ඩන් පාලමේ සහ බරෝ මාර්කට් හි සිදුවීම් ත්‍රස්ත ප්‍රහාර සේ සළකනු ලබන බවය.

ලන්ඩන් පොලිසිය පසුව ප්‍රකාශ කළ පරිදි ප්‍රහාරකයන් තිදෙනකු වෙඩි ප්‍රහාරවලින් මියගොස් සිටි අතර ඔවුන් එල්ල කළ ප්‍රහාරයෙන් 6 දෙනකු මියගොස් 20 ක් පමණ තුවාල ලදහ.

ඡායාරූපය: ලන්ඩන් පාලම මත තත්ත්වය (Daniel – Twitter @DanielKennet77)

Related posts

Leave a Reply