December 11, 2017

පිලිපීනයේ ඉස්ලාම් අන්තවාදීන් සමඟ මරාවි නගරයේ සටන​

පිලිපීනයේ ඉස්ලාම් අන්තවාදීන් සමඟ මරාවි නගරයේ සටන​

පිලිපීනයේ මරාවි නගරයේදී 2017 මැයි 23 වනදා අබු සයාෆ් සහ මවුටේ යන ඉස්ලාමික අන්තවාදී සංවිධාන දෙකෙහි සාමාජිකයන් සහ රජයේ හමුදා අතර ගැටුමක් ඇති විය.

රජයේ හමුදා ප්‍රකාශ කරන අන් දමට මෙම ගැටුමට මූලික වූයේ අබු සයාෆ් නායක ඉන්සිලොන් හපිලොන් නගරයේ සිටින බවට ලැබුණු වාර්තාවක් අනුව යමින් රජයේ හමුදා ඔහු කොටු කරගැනීම සඳහා නගරය දෙසට හමුදා මෙහෙයුමක් දියත් කිරීම ය. මෙහිදී අබු සයාෆ් සාමාජිකයන් සමඟ ගැටුමක් ඇති වූ අතර මවුටේ සාමාජිකයන් ද ඊට එක්වූ බව රජය පැවසීය. මුල්ම සටන් ඇරඹියේ මැයි 23 දහවල් 2 ට පමණ ය.

මෙම ත්‍රස්තවාදීහු නගර ශාලාව, මින්ඩනාඕ රාජ්‍ය විශ්ව විද්‍යාලය, රෝහලක් සහ බන්ධනාගාරය අල්ලා ගැනීමට සමත් වූහ.

අසළ පිහිටි රෙනාඕ හමුදා කඳවුරට අනුයුක්ත පිලිපීන 103 වන රෙජිමේන්තුවේ භටයන්ට මවුටේ ත්‍රස්තයින් 500 කගේ පමණ ප්‍රහාරයකට මුහුණ දීමට සිදු වූ බව වාර්තා විය.

මැයි 23 වනදා පිලිපීන වේලාවෙන් රාත්‍රී 10 ට පමණ මින්ඩනාඕ දූපතට බලපාන පරිදි හදිසි නීතිය පැණවීමට ජනාධිපති රොඩ්‍රිගෝ ඩුටර්ටේ කටයුතු කළේය. ඊළඟ දිනයේ අතිරේක හමුදා කණ්ඩායම් විසින් නගරයේ ඇතැම් ප්‍රදේශ මුදාගන්නා ලදී.

ජූනි මස දෙවන සතිය වනවිට ද නගරයේ ඇතැම් ප්‍රදේශ ත්‍රස්ත ග්‍රහණයෙන් මුදවා ගැනීමේ සටන් දිගටම පැවතුණි. ජූනි 9 වනදා පිලිපීන සෙබලුන් 13 දෙනෙකු සටන්වලදී මියගිය බව වාර්තා විය. මේ අතර ඇමරිකා එක්සත් ජනපද උපදේශකයන් පිලිපීන හමුදාවලට සහය දීමට පැමිණ සිටින බව ද නිවේදනය කෙරිණ.

අබු සයාෆ් සංවිධානය 1991 දී මෝරෝ ජාතික විමුක්ති පෙරමුණෙන් බිඳී ආවකි. මවුටේ සංවිධානය 2013 දී මෝරෝ ඉස්ලාමික විමුක්ති පෙරමුණෙන් කැඩී ආවකි. මෙම සංවිධාන දෙක ම ISIS සංවිධානයට සිය සහය පළ කර ඇත.

Related posts

2 Comments

Leave a Reply