December 11, 2017

ජනමත විචාරණයකින් සමලිංගික විවාහ නීතිගත කළ පළමු රට​

ජනමත විචාරණයකින් සමලිංගික විවාහ නීතිගත කළ පළමු රට​

සමලිංගික විවාහ නීතිගත කළ ලොව පළමු රට බවට පත් වූයේ නෙදර්ලන්තය යි. ඒ 2001 දී ය. නමුත් ජනමත විචාරණයක් මගින් සමලිංගික විවාහ රට තුළ නීතිගත කළ පළමු රට වූයේ අයර්ලන්තය යි.

2015 මැයි 22 වනදා පැවති අයර්ලන්ත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ජනමත විචාරණයේදී එරට ආණ් ඩුක්‍රම ව්‍යවස්ථාවට සංශෝධන දෙකක් යෝජනා කෙරිණ. 34 වන සංශෝධනය ලෙස සමලිංගික විවාහ නීතිගත කිරීම සහ 35 වන සංශෝධනය ලෙස ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමේ අවම වයස් සීමාව 35 සිට 21 දක්වා අඩු කිරීම ද යෝජනා විය.

මින් දෙවන යෝජනාව සම්මත නොවූ නමුත් සමලිංගික විවාහ පිළිබඳ යෝජනාව සම්මත විය. මෙහිදී සියයට 62 ඉක්මවූ ප්‍රකාශිත ඡන්ද සංඛ්‍යාවක් ඊට පක්ෂව ලැබී තිබිණ.

මේ අනුව ඊට පක්ෂව ඡන්ද 1,201,607 ක් (62.07%) ලැබුණ අතර විපක්ෂව ලැබුණේ ඡන්ද 734,300 ක් (37.93%) ය.

කතෝලික රටක විශාල අනුමැතියක් සමලිංගික විවාහ නීතිගත කිරීම සඳහා ලැබීම ඇතැමුන් පුදුමයට පත් කළ අතර ම එම ජනමත විචාරණය රට තුළ විශාල විවාදයක් ඇති කළේය.

Pic: William Murphy

Related posts

Leave a Reply