December 11, 2017

අත්ලාන්තික් සාගරය හරහා තනි නියමුවකු නොනවත්වා ගිය පළමු ගුවන් ගමන​

අත්ලාන්තික් සාගරය හරහා තනි නියමුවකු නොනවත්වා ගිය පළමු ගුවන් ගමන​

1927 මැයි 21 වනදා ඇමරිකා එක්සත් ජනපදයේ චාර්ල්ස් ඒ. ලින්ඩ්බර්ග් තනි පුද්ගලයකු විසින් අත්ලාන්තික් සාගරය හරහා තනි පුද්ගලයකු විසින් කරන ලද පළමු ගුවන් ගමන නිම කළේය.

ඔහුට මෙම ගමන සඳහා පැය 33 හමාරක් ගතවූ අතර කිලෝ මීටර 5,800 ක දුරක් ඔහු සම්පූර්ණ කළේය.

නිව් යෝර්ක් හි හෝටල් ව්‍යාපාරිකයකු වූ රේමන්ඩ් ඕර්ටේග් නිව් යෝර්ක් සිට පැරිසිය දක්වා තනිව නොනැවතී පියාසර කරන පළමුවැන්නාට ඇමරිකන් ඩොලර් 25,000 ක ත්‍යාග මුදලක් ප්‍රදානය කිරීමට පොරොන්දු වූයේ 1919 දී ය.

ලින්ඩ්බර්ග්
ලින්ඩ්බර්ග් “ස්පිරිට් ඔෆ් සෙන්ට් ලුවී” සමඟ

ලින්ඩ්බර්ග් මේ සඳහා උත්සාහ කිරීමට තීරණය කළේය. ඔහු ඇමරිකාවේ සෙන්ට් ලුවී නගරයේ ව්‍යාපාරිකයන් නව දෙනෙකු තමන්ට ආධාර කිරීම සඳහා කැමති කරවා ගත්තේය. මේ අතර ඩිට්‍රොයිට් හි රයන් ගුවන් යානා සමාගම ඔහුට ගුවන් යානයක් තැනීමට කැමති විය. මේ ගුවන් යානයට “ස්පිරිට් ඔෆ් සෙන්ට් ලුවී” යයි නම තබන ලදී.

1927 මැයි 20 වනදා උදෑසන 7.52 ට නිව් යෝර්ක් හි රූසවෙල්ට් පිටියෙන් පිටත් වූ යානය පැරිසියේ ල බෝර්ගේ ගුවන් තොටුපලට පැමිණියේ මැයි 21 වනදා එරට වෙලාවෙන් රාත්‍රී 10.22 ට ය. එදින එම ස්ථානයට 100,000 කට වැඩි පිරිසක් රැස්වූ බව සඳහන් ය.

ගමන් මග දැක්වෙන සිතියමක් (National Air and Space Museum, Smithsonian Institution)
ගමන් මග දැක්වෙන සිතියමක් (National Air and Space Museum, Smithsonian Institution)

ලින්ඩ්බර්ග් ලෝක ප්‍රකට වූවා සේම ගුවන් යානා පිළිබඳ ඇතිවෙමින් තිබුණු උනන්දුව ද මෙම පියාසැරියෙන් පසු දෙගුණ තෙගුණ විය.

ප්‍රධාන ඡායාරූපය: ස්පිරිට් ඔෆ් සෙන්ට් ලුවී පිටත් වීම, 1927 මැයි 20. (National Air and Space Museum, Smithsonian Institution)

Related posts

Leave a Reply