December 11, 2017

උෂුවායා වැඩසටහනෙන් ලෝ පතල වූ ප්‍රංශයේ නව පරිසර ඇමති නිකොලා උලෝ

උෂුවායා වැඩසටහනෙන් ලෝ පතල වූ ප්‍රංශයේ නව පරිසර ඇමති නිකොලා උලෝ

උෂුවායා පාරිසරික වාර්තා වැඩසටහනෙන් ලොව පුරා ජනප්‍රියත්වයක් දිනාගත් නිකොලා උලෝ (Nicolas Hulot) ප්‍රංශ පරිසර ඇමති ලෙස නම් කරන ලදී.

මෙම පත් කිරීම එරට නව ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් විසින් 2017 මැයි 17 වනදා ප්‍රකාශයට පත් කෙරුණි. ඒ ඔහුගේ නව කැබිනට් මණ්ඩලය ප්‍රකාශයට පත් කරන අවස්ථාවේ ය.

1955 අප්‍රේල් 30 වනදා ප්‍රංශයේ ලීල් නගරයේ උපන් නිකොලා උලෝ වයස 18 දී SIPA පුවත් සේවයේ ඡායාරූප ශිල්පියකු ලෙස වෘත්තීය දිවිය ඇරඹීය. 1978 සිට 1987 දක්වා ෆ්‍රාන්ස් ඉන්ටර් හි ගුවන්විදුලි මාධ්‍යවේදියෙකු සහ නිෂ්පාදකයකු වූ හෙතෙම 1987 දී උෂුවායා වැඩසටහන ඇරඹීය. එහි නිෂ්පාදනය සහ ඉදිරිපත් කිරීම සිදු කළේ හුලෝ ය.

1990 දී ඔහු උෂුවායා පදනම පිහිටවූ අතර එය පසුව නිකුලස් හුලෝ පදනම බවට පත් විය.

නිකොලා උලෝ ප්‍රංශයේ ජනප්‍රිය චරිතයකි. 2007 ජනාධිපතිවරණයට පෙර ඔහු ප්‍රධාන අපේක්ෂකයන් කිහිප දෙනෙකුම පාරිසරික එකඟතාවකට කැමති කරවා ගත්තේය. එමගින් දේශපාලන තීරණවලදී පාරිසරික ගැටලු පිළිබඳ සැළකිල්ලක් දැක්විය යුතු බවට ඔවුහු එකඟ වූහ.

2012 දී යුරෝපියානු පරිසරය – හරිත පක්ෂයේ (Europe Ecology – The Greens) ජනාධිපති අපේක්ෂකයා වීමට ඔහු දැරූ උත්සාහය ව්‍යර්ථ වූයේ පක්ෂය විසින් පැවැත්වූ ප්‍රාථමික ඡන්ද විමසීමේදී ඔහු ඊවා ජොලි හමුවේ පරාජය වූ හෙයිනි.

Related posts

Leave a Reply