December 11, 2017

ඔස්ට්‍රියාව බුර්කාව තහනම් කරයි

ඔස්ට්‍රියාව බුර්කාව තහනම් කරයි

ඔස්ට්‍රියානු පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද නව පනතකට අනුව 2017 ඔක්තෝබර් මස සිට බුර්කාව හෝ වෙනත් ආකාරයකින් සිය මුහුණ ආවරණය වන ලෙස පොදු ස්ථානවල ගැවසීම තහනම් කර තිබේ.

එවැනි ආකාරයෙන් කටයුතු කරන්නකු යූරෝ 150 ක දඩයකට යටත් කළ හැක්කේ ය.

මෙය පාසැල්, අධිකරණ සහ පොදු ප්‍රවාහන සේවාවන් හිදී බුර්කාව හෝ නිකාබය හෝ අඳින කාන්තාවන් සඳහා ද වලංගු ය.

මෙම නීතිය පනවා ඇත්තේ නව සංක්‍රමණික ප්‍රතිපත්ති ඇතුලත් පනතක් මගිනි. මෙම පනත මගින් ඔස්ට්‍රියාවේ රැඳී සිටීමට බලාපොරොත්තු වන සංක්‍රමණිකයන් සඳහා සමෝධාන පාසැල් ක්‍රමයක් අරඹන අතර එහි මාස 12 ක පාඨමාලාවක් හැදෑරිය යුතු වේ. එහිදී ජර්මන් බස මෙන්ම ඔස්ට්‍රියාවේ සිරිත් විරිත් සහ පුරුෂාර්ථ පිළිබඳ ඉගැන්වීමක් ද කෙරෙනු ඇත.

මෙම නීතියට පාලක සන් ධානය වන ඔස්ට්‍රියානු සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය සහ ඔස්ට්‍රියානු ජනතා පක්ෂය ද අනුමැතිය දුන්නේ ය. මෙම නීති ගෙන ඒමට මුල් වූයේ ජාතිකවාදී ඔස්ට්‍රියානු නිදහස් පක්ෂයේ ජනප්‍රියතාව සහ ඔවුනගේ බල කිරීම ය. නමුත් එම පක්ෂය මෙම නීතිය විවේචනය කළේ මෙම පියවරයන් ප්‍රමාණවත් නොවන බව පවසමිනි.

ඔස්ට්‍රියානු පාර්ලිමේන්තුවේ පහළ මන්ත්‍රී මණ්ඩලයේ ආසන 183 න් 52 ක් සමාජ ප්‍රජාතන්ත්‍රවාදීන්ට ද 50 ක් ජනතා පක්ෂයට ද හිමිව ඇත. ආසන 38 ක් ඔස්ට්‍රියානු නිදහස් පක්ෂයට හිමිව තිබේ. මීළඟ මැතිවරණය ඔක්තෝබර් 15 වනදාට යෙදී තිබේ.

About The Author

Related posts

Leave a Reply