December 11, 2017

2017 ඉරාන ජනාධිපතිවරණ අපේක්ෂකයෝ

2017 ඉරාන ජනාධිපතිවරණ අපේක්ෂකයෝ

2017 ඉරාන ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයන් සය දෙනෙකු සුදුසුකම් ලැබූ අතර ජනාධිපතිවරණයට දින කිහිපයක් තිබියදී ඉන් දෙදෙනෙක් ඉන් ඉවත් වූහ.

ඉරානයේ ජනාධිපතිවරණය සෑම වසර හතරකටම වරක් පවත්වනු ලබයි. ඒ සඳහා ඉදිරිපත් වීමට බලාපොරොත්තු වන්නන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා භාරකාර කවුන්සිලය හමුවේ ඉල්ලුම් කළ යුතුය. එය විසින් අනුමැතිය ලබා දෙන අපේක්ෂකයන්ට මැතිවරණයට ඉදිරිපත් විය හැක.

මෙවර අනුමැතිය හිමි වූ අපේක්ෂකයන් සය දෙනාගේ නම් 2017 අප්‍රේල් 20 වනදා ප්‍රකාශ කෙරිණ. එම සය දෙනා නම්

හසන් රවුහානි (2013 සිට ජනාධිපති)
එශාක් ජහන්ගිරි (2013 සිට උප ජනාධිපති)
ඊබ්‍රහිම් රයිසි (අස්ථාන් කුද්ස් රසාවි අරමුදලේ භාරකාර)
මොහොමඩ් බැගර් ගලිබෆ් (ටෙහෙරාන් නගරාධිපති)
මොස්ටාෆා මීර්-සලීම් (හිටපු අමාත්‍ය)
මොස්ටාෆා හෂෙමිතාබා (හිටපු අමාත්‍ය)

මෙයින් ප්‍රධාන අපේක්ෂකයන් ලෙස කැපී පෙනුණේ රවුහානි සහ රයිසි ය. මෙයින් රවුහානි මධ්‍යස්ථ මතධාරියකු ද රයිසි දැඩි මතධාරියකු ද ලෙස සැළකේ.

2017 මැයි මස 15 වනදා ගලිබෆ් ජනාධිපතිවරණ සටනින් ඉවත් වූයේ රයිසි වෙත සහය පළ කරමිනි. මැයි 16 වනදා ජහන්ගිරි ද තරඟයෙන් ඉවත් වූයේ රවුහානිට සහය පළ කරමිනි.

මේ අතර හෂෙමිතාබා ද රවුහානිට සහය පළ කළ නමුත් ජනාධිපතිවරණයෙන් ඉවත් වූයේ නැත.

ජනාධිපතිවරණය මැයි 19 වනදා පැවැත්වේ.

ඡායාරූපය: හසන් රවුහානි 2013 දී (Mohammad Ali Marizad)

Related posts

Leave a Reply