December 11, 2017

මැක්සිම් ගෝර්කිගේ “අම්මා” නවකතාව​

මැක්සිම් ගෝර්කිගේ “අම්මා” නවකතාව​

රුසියානු ගත් කතුවර ඇලෙක්සේයි මැක්සිමෝවිච් පෙෂ්කොෆ් නොහොත් මැක්සිම් ගෝර්කි විසින් ලියන ලදුව 1906 දී පළ කරන ලද Мать (“අම්මා”) නවකතාව ඔහුගේ ප්‍රකටම නවකතාවකි.

එන්සයික්ලොපීඩියා බ්‍රිටැනිකා විශ්වකෝශය ප්‍රකාශ කරන පරිදි එය ඔහුගේ නවකතා අතුරින් අසාර්ථකම කෘතිය වේ. ඔවුන් එසේ ප්‍රකාශ කරනුයේ එහි විශාල දුර්වලතාවක් හේතුවෙන් ම නොව ගෝර්කිගේ අනෙක් නවකතා සමඟ සැසඳීමෙනි.

විප්ලවවාදී ව්‍යාපාර මත පාදක වන ගෝර්කිගේ එකම නවකතාව “අම්මා” වන අතර ඒ හේතුවෙන් එය රුසියාවේ සහ වෙනත් රටවල ද ප්‍රකට කතාවකි.

පාවෙල් ව්ලැසොව් නම් විප්ලවවාදී තරුණයකුගේ මව මෙම කතාවෙහි ප්‍රධාන චරිතය වේ. ඇය සිය පුත්‍රයා වෙනුවෙන් කරන කැපකිරීම් සහ විප්ලවවාදී ව්‍යාපාරය වෙත ඇය සහය දක්වන ආකාරය මෙහි පෙන්නුම් කරයි.

මෙම නවකතාව සත්‍ය කතාවක් පදනම් කරගෙන නිර්මාණය වූවකි.

“අම්මා” මුලින්ම එළි දැක්වූයේ රුසියාවේ විප්ලවීය සමයක ය. 1905 විප්ලවය මැඩ පවත්වා තිබුණ ද රුසියානු ජනතාවගේ ප්‍රශ්නවලට විසඳුම් ලැබී නොතිබිණ. ගෝර්කිගේ නවකතාව කාලීනව වැදගත් වූයේ එබැවිනි.

මෙම ග්‍රන්ථය බොහෝ භාෂාවන්වලට පරිවර්තනය විය. එමෙන්ම 1926 දී ව්සෙවොලොව් පුඩොව්කින් ගේ නිහඬ චිත්‍රපටයකට පාදක වූ එය බර්ටෝල් බ්‍රෙෂ්ට්ගේ Die Mutter (“අම්මා”) නාට්‍යයට ද පාදක විය. පසුකාලීනව, 1955 දී මාර්ක් ඩොන්ස්කෝයි විසින් ද 1990 දී ග්ලෙබ් පැන්ෆිලොෆ් විසින් ද අධ්‍යක්ෂණය කළ “අම්මා” චිත්‍රපට දෙකක් එළි දැක්වුණි.

Related posts

Leave a Reply