December 11, 2017

සර්කාර් (චිත්‍රපටය)

සර්කාර් (චිත්‍රපටය)

සර්කාර් චිත්‍රපටය 2005 දී නිකුත් වූ රාම් ගෝපාල් වර්මා විසින් අධ්‍යක්ෂණය කරන ලද හින්දි චිත්‍රපටයකි. “ගෝඩ් ෆාදර්” ඉංග්‍රීසි චිත්‍රපටය පාදක කරගෙන මෙහි කතාව රචනා කර ඇත.

මෙම චිත්‍රපටයෙහි තේමාව දිව යන්නේ මුම්බායි හි දිවි ගෙවන “සර්කාර්” හෙවත් සුභාෂ් නාග්‍රෙ සහ ඩුබායි හි සිට සිය මෙහෙයුම් කටයුතු සිදු කරන රෂීඩ් නම් මාෆියා නායකයා අතර ගැටුමක් වටා ය. රෂීඩ් සර්කාර් සමඟ එක්ව කටයුතු කිරීමේ යෝජනාවක් ගෙනෙන නමුත් සර්කාර් එය ප්‍රතික් ෂේප කරයි. පසුව රෂීඩ් සර්කාර්ගෙන් පළි ගන්නට පටන් ගනී. ඊට ප්‍රතිචාර දක්වන්නේ සර්කාර්ගේ පුත්‍රයා සංකර් ය.

මෙම චිත්‍රපටයේ ප්‍රධාන චරිතය වන “සර්කාර්” ලෙස රඟපානුයේ අමිතාබ් භච්චන් ය. සංකර් ලෙස අභිෂේක් භච්චන් රඟපායි. සර්කාර්ගේ අනෙක් පුත්‍රයා ලෙස කේ කේ මෙනන් රංගනයෙන් දායක වේ.

සර්කාර් චිත්‍රපටයේ දෙවන කොටස “සර්කාර් රාජ්” 2008 දී නිකුත් වූ අතර “සර්කාර් 3” චිත්‍රපටය 2017 මැයි 12 දා නිකුත් වේ.

Related posts

Leave a Reply