December 11, 2017

උසේන් බෝල්ට්ගේ මිතුරු ඔලිම්පික් පදක්කම්ලාභියකු අනතුරකින් මරු දකී

උසේන් බෝල්ට්ගේ මිතුරු ඔලිම්පික් පදක්කම්ලාභියකු අනතුරකින් මරු දකී

2008 බීජිං ඔලිම්පික් උළෙලේ උස පැනීම රිදී පදක්කම දිනාගත් මහා බ්‍රිතාන්‍යයේ ජර්මේන් මේසන් ජැමේකාවේ කිංග්ස්ටන් නගරයේ සිදුවූ මෝටර් සයිකල් අනතුරකින් අප්‍රේල් 20 වනදා මිය ගියේය.

මෙම අනතුර සිදුවන අවස්ථාවේ මේසන්, ඔලිම්පික් ශූර උසේන් බෝල්ට්, 2005 ලෝක ශූරතා මීටර් 100 රිදී පදක්කම්ලාභී මයිකල් ෆ්‍රේටර් සහ බෝල්ටන් ක්‍රීඩා සමාජයේ හිටපු පාපන්දු ක්‍රීඩක රිකාර්ඩෝ ගාර්ඩ්නර් ඇතුලු පිරිසක් මෝටර් සයිකල්වලින් ගමන් කරමින් සිට තිබේ.

මෙම මෝටර් රථ කණ්ඩායමේ ඉදිරියෙන්ම ගමන් කර ඇත්තේ මේසන් ය. කිංග්ස්ටන් හි පැලිසැඩෝස් ප්‍රධාන මාර්ගයේ මෙම අනතුර සිදුවිය. ඉදිරියෙන් පැමිණි වාහනයක් මග හැරීමට මේසන් කළ උත්සාහයේදී මෙම අනතුර සිදු වූ බව සඳහන් ය.

මේසන් උපන්නේ 1983 ජනවාරි 20 වනදා ජැමේකාවේදී ය. උස පැනීමේ පිරිමි ඉසව්වේ ජැමේකානු ජාතික වාර්තාව තවමත් ඔහු සතු ය. මේසන් 2006 පටන් මහා බ්‍රිතාන්‍යය නියෝජනය කළේය. 2008 ඔලිම්පික් උළෙලේදී ඔහු මීටර 2.34 ක උසක් පැන රිදී පදක්කම දිනා ගත්තේය.

Related posts

Leave a Reply