December 11, 2017

සකුරා මල්වලට ප්‍රකට ෂිකෝකු දූපතේ විශාලම ෂින්තෝ පන්සල​

සකුරා මල්වලට ප්‍රකට ෂිකෝකු දූපතේ විශාලම ෂින්තෝ පන්සල​

කොටොහිරා-ගු (කොන්පිරා – ඩායි – ගොන්ගෙන් හෙවත් කොන්පිරා සන් ලෙස ද හැඳින්වේ) ජපානයේ ෂිකෝකු දූපතේ කගාවා පළාතේ නකටාඩෝ දිස්ත්‍රික්කයේ පිහිටි කොටොහිරා නගරය ආසන්නයේ පිහිටි ෂින්තෝ දේවස්ථානයකි.

මෙය ෂිකෝකු දූපතේ විශාලම ෂින්තෝ දේවස්ථානය ලෙස සැළකේ.

සෝසු කන්දෙහි මැදක් දුර ගිය විට පිහිටි මෙහි ප්‍රධාන විහාරය කරා යාමට පඩි 768 ක් ද ඇතුලත විහාරය කරා යාමට පඩි 1368 ක් ද නැගිය යුතුය.

මෙම සිද්ධස්ථානය කෙතරම් පැරණි ද යන්න පිළිබඳ නිශ්චිත සාක්ෂි නැතත් මුරොමාචි යුගයෙහි (1336 – 1573) මෙය වන්දනාකරුවන් අතර ප්‍රකට වූ බව සඳහන් වේ. ඇතැම් ඓතිහාසික පුරාවෘත්ත අනුව මෙහි ඉතිහාසය ක්‍රි.ව. පළමු සියවස කරා දිවෙයි.

මෙම සිද්ධස්ථානයේ විශාල සකුරා ගස් ප්‍රමාණයක් වේ. වසන්ත සමයට ඒවායේ මල් පිපී මනරම් දසුනක් ගෙනෙයි. සෑම වසරකම අප්‍රේල් 10 වනදා වසන්තයේ ආගමනය සනිටුහන් කෙරෙන ආගමික උත්සවයක් මෙම ෂින්තෝ සිද්ධස්ථානයේ පවත්වනු ලබයි.

ඡායාරූප: 663highland (Wikimedia Commons)

Related posts

Leave a Reply