December 11, 2017

ක්‍රිකට් ඇමරිකාවේ ජනප්‍රියම ක්‍රීඩාව වූ සමය​

ක්‍රිකට් ඇමරිකාවේ ජනප්‍රියම ක්‍රීඩාව වූ සමය​

වර්තමානයේ ඇමරිකා එක්සත් ජනපදයේ ජනප්‍රියම ක්‍රීඩාව ලෙස ඇමරිකන් ෆුට්බෝල් සළකනු ලබන අතර බේස්බෝල් ද ඉතා ජනප්‍රිය ය. . පැසි පන්දු (බාස්කට්බෝල්) ද එහි ඉතා ජනප්‍රිය ය.

බේස්බෝල් ක්‍රීඩාව නිව් යෝර්ක් නගරයේ ජනප්‍රිය වීමට පටන් ගත්තේ 1850 දශකයේ ය. 1861 – 65 සමයේ සිවිල් යුද්ධයෙන් පසු ඇමරිකාවේ බේස්බෝල් ජනප්‍රියත්වයෙන් ඉහළ ගියේය.

කෙසේ වෙතත්, 1850 ට පෙර ඇමරිකාවේ ජනප්‍රියම ක්‍රීඩාව වූයේ ක්‍රිකට් බව විශ්වාස කරනු ලැබේ.

වෝර්වික් සරසවියේ ඇමරිකන් ඉතිහාසය පිළිබඳ විද්වතකු වූ ටිම් ලොක්ලි 1999 දී ගාර්ඩියන් පුවත්පත සමඟ මෙම අදහස් දක්වා සිටියේය. ඔහුට අනුව සිවිල් යුද්ධයට පෙර ඇමරිකාවේ ජනප්‍රියම ක්‍රීඩාව වී ඇත්තේ ක්‍රිකට් ය.

සිවිල් යුද්ධයෙන් පසු එම ක්‍රීඩාව එරට අභාවයට ගියේය.

ලොව පළමු ජාත්‍යන්තර ක්‍රිකට් තරඟය ලෙස සැළකෙන්නේ ද ඇමරිකාව සහ කැනඩාව අතර තරඟයකි. එය 1844 දී පැවති අතර එකළ වාර්ෂිකව පවත්වන ලදී.

About The Author

Related posts

Leave a Reply