December 11, 2017

ජපානයේ සප්පොරෝ හිම උළෙල

ජපානයේ සප්පොරෝ හිම උළෙල

ජපානයේ උතුරු දිග හොකයිඩෝ දූපතේ අගනගරය වන සප්පොරෝ හි වසරක් පාසා පැවැත්වෙන සප්පොරෝ හිම උළෙල 1950 දක්වා දිවෙන උළෙලකි. පෙබරවාරි මාසය ආරම්භයේදී පැවැත්වෙන මෙම උළෙල නැරඹීමට මිලියන දෙකක පමණ වූ පිරිසක් සෑම වසරකම සප්පොරෝ වෙත ළඟා වෙති.

ඔඩෝරි උද්‍යානය, සුසුකිනෝ සහ ට්සුඩෝමේ යන ස්ථාන තුනෙහි මෙම ප්‍රදර්ශනය පවත්වනු ලැබේ. ට්සුඩෝමේ හි පෙබරවාරි 1 සිට 12 දක්වා ද අනෙක් ස්ථාන දෙකෙහි පෙබරවාරි 6 සිට 12 දක්වා ද මෙම උළෙල පවත්වනු ලැබේ.

සෑම වසරකම අයිස් රැජිණක ද තෝරාගනු ලැබේ.

මෙම උළෙල 1950 දී ඇරඹුණේ උසස් පාසැල් සිසුන් හය දෙනකු ඔඩෝරි උද්‍යානයේ අයිස් පිළිරු හයක් ප්‍රදර්ශනය කිරීමෙනි. එම වසරේ මෙම අංගය දිනකට පමණක් සීමා විය. පසු කළෙක ජපන් ස්ව ආරක්ෂක බලකාය ද මෙම ප්‍රදර්ශනය හා සම්බන්ධ වූයේය.

වර්තමානයේදී වසරකට මෙහි පිළිරූ 400 ක් පමණ ප්‍රදර්ශනය කරනු ලබයි.

Related posts

Leave a Reply