December 11, 2017

සිංගප්පූරු අගමැති ජනමාධ්‍ය නිදහස ගැන අදහස් දක්වයි

සිංගප්පූරු අගමැති ජනමාධ්‍ය නිදහස ගැන අදහස් දක්වයි

බීබීසී ලෝක සේවයේ හාර්ඩ් ටෝක් (HARDTalk) වැඩසටහනට සහභාගී වෙමින් සිංගප්පූරු අගමැති ලී සියෙන් ලූන්ග් සිය රටෙහි මාධ්‍ය නිදහස පිළිබඳ අදහස් දැක්වීය. වැඩසටහන පටිගත කෙරුණේ 2017 පෙබරවාරියේ ය. සම්මුඛ සාකච්ඡාව පවත්වන ලද්දේ ස්ටීවන් සකූර් විසිනි.

සකූර්: බ්‍රිතාන්‍යයේ ලිබරල් ඩිමොක්‍රැටික් නායක ටිම් ෆැරන් ප්‍රකාශ කළා එරට සිංගප්පූරුව සමඟ වෙළෙඳ ගිවිසුම්වලට එළඹෙන්නේ නම් සිංගප්පූරුවේ මාධ්‍ය නිදහස, ප්‍රකාශනයේ නිදහස පිළිබඳ ද බ්‍රිතාන්‍ය අගමැතිවරිය විසින් සැළකිල්ලට භාජනය කළ යුතු බව. ඔබ ඒ ගැන කුමක් ද කියන්නේ?

ලී: මට පෙනෙන්නේ නැහැ ඔබට මගෙන් ප්‍රශ්න ඇසීමේ සීමාවක් පනවා තිබෙනවා කියා.

සකූර්: නෑ, මට එහෙම සීමාවක් නෑ. නමුත් ඒක නෙවෙයි නේද ප්‍රශ්නය. මෙතන ප්‍රශ්නය තිබෙන්නේ මේ රටේ මාධ්‍යවේදීන්ට තියෙන නිදහස පිළිබඳව ඔබ සහතිකයක් දෙන්න කැමතිද කියන එකයි.

ලී: මම කවදාවත් උත්සාහ කරන්නේ නෑ ඔබේ රටේ ජනමාධ්‍ය කවුන්සිලය කටයුතු කළ යුතු ආකාරය ගැන උගන්වන්න. ඔබ මොන හේතුවක් නිසාද මගේ රට පාලනය කිරීම ගැන මට උපදෙස් දෙන්නේ? අපි සම්පූර්ණ විවෘත ක්‍රමවේදයක් පවත්වාගෙන යනවා. අපට ලෝකයේ වේගවත්ම ඉන්ටර්නෙට් සේවයක් තිබෙනවා. ඉන්ටර්නෙට් එකට අපි තාප්ප බැඳලා නැහැ. මෙහි සිට ඕනෑම වෙබ් අඩවියක් බලන්න පුලුවනි. ඉතින් කොහෙද ඔය කියන සීමා පැණවීම් තියෙන්නේ?

සකූර්: බ්‍රිතාන්‍ය රජය වෙළෙඳ ගිවිසුමකට කොන්දේසියක් ලෙස මාධ්‍ය නිදහස, මානව අයිතිවාසිකම්, කම්කරු අයිතීන්, උද්ඝෝෂණයේ නිදහස ආදිය පිළිබඳ කරුණු ඉදිරිපත් කළොත් ඔබ කෙසේද ප්‍රතිචාර දක්වන්නේ?

ලී: එහෙම වුනොත් ඒ ගැන ඒ අවස්ථාවේදී බලමු. දැන් බලන්න ඇමරිකාව දිහා. ඔවුන් විවිධ මානුෂීය අයිතීන් ගැන කටයුතු කරනවා. ඔවුන් ප්‍රජාතන්ත්‍රවදය, අදහස් පළ කිරීමේ නිදහස, කාන්තා අයිතීන්, සමරිසි අයිතිවාසිකම් පමණක් නොව ඇතැම්විට ලිංගික විපර්යාසයන්ට ලක්වූවන් ගේ අයිතීන් ප්‍රවර්ධනයට කටයුතු කරනවා. නමුත් ඔබ දැක තිබෙනවාද එම කොන්දේසි ලෝකය පුරාම එක විදියට පනවන්න උත්සාහ කරනවා? ඔවුන් තමුන්ට හානි අඩු තැන්වල එසේ කරනවා තමයි. එතකොට ඔවුනට ඉහළ තැනක ඉඳන් කටයුතු කරන්න පුලුවන්. නමුත්, බලන්න තෙල් නිෂ්පාදනය කරන සමහර ප්‍රධාන රටවල් දිහා. ඔවුන් මේ කොන්දේසි සපුරනවද? ඔවුනට ඇමරිකාව බල කරනවාද? නැහැ. ඒ අය සමඟත් ගනුදෙනු කිරීමේ අවශ්‍යතාව තියෙනවා.

ලෝකය විවිධත්වයෙන් යුතු තැනක්. කිසිවකුට ගුණදම් සහ ප්‍රඥාව පිළිබඳ ඒකාධිකාරයක් නැහැ. අපට එය පිළිගෙන, එකමුතුව දියුණු වෙන්න බැරි නම්, එකිනෙකාගේ දැක්ම, අරමුණු විවිධ බව තේරුම් ගන්න බැරිනම් ලෝකය ජීවත් වෙන්න අපහසු තැනක් වේවි.

ඡායාරූපය: MCI Photo by Terence Tan

About The Author

Related posts

Leave a Reply