December 11, 2017

මිනිසා විසින් සඳ මත ගොඩබැස්වූ පළමු යානය

මිනිසා විසින් සඳ මත ගොඩබැස්වූ පළමු යානය

සඳ මත ගොඩ බස්වන ලද පළමු අහ්‍යාවකාශ යානය ලෙස ඉතිහාසගත වූයේ සෝවියට් දේශය විසින් 1959 දී අභ්‍යාවකාශගත කරන ලද ලූනා – 2 යානය ය. මෙය 1959 සැප්තැම් බර් 14 වනදා සඳෙහි මරේ ඉබ්‍රියම් (වැසි මුහුද) හි ගොඩ බස්වන ලදී.

ලූනා-2 අභ්‍යාවකාශගත කිරීමට නියමිත වූයේ 1959 සැප්තැම්බර් 9 වනදා වුවද, කාර්මික දෝශයක් හේතුවෙන් එය දින තුනකින් කල් ගියේය. මේ අනුව සැප්තැම්බර් 12 වනදා වර්තමාන කසාක්ස්ථානයේ බයිකනූර් අභ්‍යාවකාශ මධ්‍යස්ථානයෙන් එය කක් ෂගත කරන ලදී.

ලූනා – 2 හි විකිරණශීලතාව මනින උපකරණ, චුම්භකත්වය මනින උපකරණ ආදිය වූයේය. එහි බර කිලෝග්‍රෑම් 390.2 ක් විය. ලූනා 8K72 නම් රොකට්ටුව මෙම යානය කක්ෂගත කිරීම පිණිස යොදාගන්නා ලදී. මෙම රොකට්ටුවේ අවසන් කොටස ද ලූනා යානය සඳ මත ගොඩබස්වා අඩ පැයකට පමණ පසු සඳ මත වැටිණ.

About The Author

Related posts

Leave a Reply