December 11, 2017

කාන්තා ක්‍රිකට් ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරඟාවලිය 2017

කාන්තා ක්‍රිකට් ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරඟාවලිය 2017

කාන්තා ක්‍රිකට් ලෝක කුසලානය සඳහා සුදුසුකම් ලැබීමේ තරඟාවලිය 2017 පෙබරවාරි 7 වනදා ඇරඹිණ. මෙම තරඟාවලිය ශ්‍රී ලංකාවේදී පැවැත්වේ. තරඟාවලිය අවසන් වන්නේ පෙබරවාරි 21 ය.

2017 ජූනි – ජූලි මාසවල එංගලන්තයේදී පැවැත්වෙන 2017 කාන්තා ලෝක කුසලාන තරඟාවලිය සඳහා සුදුසුකම් ලැබීමේ වටයක් ලෙස මෙය පවත්වනු ලබයි.

රටවල් දහයක් මෙහිදී තරඟ වදින අතර ඉන් රටවල් 4 ක් ලෝක කුසලානය සඳහා තෝරාගනු ඇත. තවත් කණ්ඩායම් හතරක් (බටහිර ඉන්දීය කොදෙව්, එංගලන්තය, ඔස්ට්‍රේලියාව, නවසීලන්තය) මේ වනවිට ද ඒ සඳහා සුදුසුකම් ලබා තිබේ.

සුදුසුකම් ලැබීමේ තරඟාවලිය කාණ්ඩ දෙකක් යටතේ පවත්වනු ලබයි.

A කාණ්ඩය: අයර්ලන්තය, ඉන්දියාව, ශ්‍රී ලංකාව, තායිලන්තය සහ සිම්බාබ්වේ

B කාණ්ඩය: බංග්ලාදේශය, පාකිස්තානය, පැපුවා නිව් ගිනියාව, දකුණු අප්‍රිකාව, ස්කොට්ලන්තය

තරඟ ප්‍රතිඵල

A කාණ්ඩය

පෙබරවාරි 7: ඉන්දියාව සහ ශ්‍රී ලංකාව
ඉන්දියාවට ලකුණු 114 ක ජයක්.
ඉන්දියාව 259/4 (50) දේවිකා වෛද්‍යා 89
ශ්‍රී ලංකාව 145/8 (50) හසිනි පෙරේරා 34, රාජේෂ්වරී ගයක්වාඩ් 2/19 (10)

පෙබරවාරි 7: අයර්ලන්තය සහ සිම්බාබ්වේ
අයර්ලන්තයට ලකුණු 119 ක ජයක්
අයර්ලන්තය 237/6 (50) කිම් ගාර්ත් 63
සිම්බාබ්වේ 118 (37.5) ඈශ්ලි න්දිරායා 35, කිම් ගාර්ත් 3/24 (8)

B කාණ්ඩය

පෙබරවාරි 7: දකුණු අප්‍රිකාව සහ පාකිස්තානය
දකුණු අප්‍රිකාවට ලකුණු 63 ක ජයක්
දකුණු අප්‍රිකාව 258/9 (50). ක්ලෝයි ටයිරන් 79, නශ්රා සන්ධු 51/3 (10)
පාකිස්තානය 195/6 (50). නයින් අබිදි 62.

පෙබරවාරි 7: බංගලාදේශය සහ පැපුවා නිව් ගිනියාව
බංගලාදේශයට ලකුණු 118 ක ජයක්
බංගලාදේශය 2156 (50). ෂර්මින් අක්තර් 56, රවීනා ඔආ 23/2 (10)
පැපුවා නිව් ගිනියාව 97 (32.1). පවුකේ සියාකා 32, රුමානා අහ්මඩ් 13/2 (7)

ප්‍රධාන ඡායාරූපය: ICC

About The Author

Related posts

Leave a Reply