December 11, 2017

20 වන සියවසේ හොඳම ගීත ඇල්බමය

20 වන සියවසේ හොඳම ගීත ඇල්බමය

1999 වසරේදී Time (ටයිම්) සඟරාව විසින් 20 වන සියවසේ නිකුත් වූ හොඳම ගීත ඇල්බමය ලෙස බොබ් මාර්ලේ සහ වේලර්ස් (Bob Marley and the Wailers) සංගීත කණ්ඩායමේ එක්සිඩස් (Exodus) ඇල්බමය නම් කරන ලදී.

එක්සිඩස්, ඔවුනගේ නව වැනි ඇල්බමය විය.

1976 දෙසැම්බර් 3 වනදා ජැමේකාවේ කිංග්ස්ටන් අගනුවර සිය නිවසේදී බොබ් මාර්ලේ ඝාතනය කිරීමේ තැතක් ව්‍යර්ථ වූ අතර ඉන් පසු ඔහු ලන්ඩනය වෙත ගියේය. එක්සිඩස් පටිගත කෙරුණේ එහි ය.

මෙහි ඇතැම් ගීතවලින් බොබ් මාර්ලේගේ අභ්‍යන්තර මානසික කම්පනය මෙන්ම ඔහු වඩ වඩාත් ආගමට නැඹුරු වීම දිස් වන බව කියනු ලැබේ.

එක්සොඩස් ඇල්බමයෙහි ප්‍රකට ගීත අතර Jamming (“ජැම්මින්”), Three Little Birds (“ත්‍රී ලිට්ල් බර්ඩ්ස්”), One Love/People Get Ready (“වන් ලව්/පීපල් ගෙට් රෙඩී”) මෙන්ම Exodus (“එක්සිඩස්”) ගීය ද වේ. බොබ් මාර්ලේ ජාත්‍යන්තර තරුවක් වීමේදී මෙම ඇල්බමය ඉතා වැදගත් විය

About The Author

Related posts

Leave a Reply