December 11, 2017

The Rise and the Fall of the Third Reich (තුන්වන රයිෂයේ නැගීම සහ බැසීම​)

The Rise and the Fall of the Third Reich (තුන්වන රයිෂයේ නැගීම සහ බැසීම​)

1960 ඔක්තෝබර් 17 වනදා මුද්‍රණද්වාරයෙන් මුල් වරට එළි දක්වන ලද “තුන්වන රයිෂයේ නැගීම සහ බැසීම” ඇමරිකානු ජනමාධ්‍යවේදී විලියම් එල්. ෂර්රර් විසින් ලියන ලද කෘතියකි. පොතෙහි නම සඳහන් කරන ආකාරයට තුන්වන ජර්මන් රයිෂය හෙවත් නට්සි ජර්මනිය බිහිවීමේ සිට එහි අවසානය දක්වා පමණක් නොව එහි ආඥාදායකයා වූ ඇඩොල්ෆ් හිට්ලර්ගේ පවුල් පසුබිමෙහි සිට ඔහුගේ ජීවිත කතාව ද මෙම පොත විසින් ආවරණය කෙරේ.

හිට්ලර්ගේ ජීවිතය සහ නට්සි ජර්මනියේ ඉතිහාසය මේ අයුරින් සම්පූර්ණයෙන් ආවරණය වන ආකාරයෙන් ඉංග්‍රීසි බසින් ලියනලද පළමු කෘතිය ලෙස මෙය සැළකේ.

ඇමරිකා එක්සත් ජනපදයේ සහ බටහිර යුරෝපයේ මෙම පොත උණු කැවුම් මෙන් විකිණී ගියේ ප්‍රකාශකයන් පවා පුදුමයට පත් කරමිනි. පොදු මහජනයාට තේරුම් ගත හැකි සරල භාෂාවකින් කරුණු පෙළ ගස්වා ඇති මෙම පොත පිළිබඳ විද්‍යාර්ථීන් අතරින් මිශ්‍ර අදහස් පළ වී ඇත. ඊට හේතු වන්නට ඇත්තේ ෂර්රර් මාධ්‍යවේදියකු වීමත් එවන් ශෛලියකින් පොත ලියා තිබීමත් විය හැක.

කෙසේ නමුත් නට්සි ජර්මනිය පිළිබඳ කියවන්නකුට මෙය අනිවාර්ය පොතකි. මෙම කෘතිය සඳහා අල්ලාගන්නා ලද නට්සි ජර්මන් රාජ්‍ය ලිපි ගොනු, හිට්ලර්ගේ ප්‍රචාරක අමාත්‍ය ගොබෙල්ස්ගේ, ඉතාලි විදේශ ඇමති වූ චියානෝගේ, ජෙනරාල් ෆ්‍රාන්ස් හැල්ඩර්ගේ දිනපොත් ද වෙනත් විවිධ ලිපි ලේඛන ද යොදාගෙන ඇති අතර වසර හයක් තිස්සේ නට්සි ජර්මනියේ වාර්තාකරුවකු ලෙස ගතකළ සමය ෂර්රර්ට මාහැඟි උපකාරයක් විය.

සයිමන් සහ ෂුට්සර් සමාගම විසින් පළ කරන ලද මෙම කෘතියට ඇමරිකා එක්සත් ජනපදයේ ජාතික ග්‍රන්ථ සම්මානය ප්‍රදානය කරන ලදී.

About The Author

Related posts

Leave a Reply