December 11, 2017

2020 දී ටිබෙටයට පැමිණේයැයි බලාපොරොත්තු වන සංචාරකයන් සංඛ්‍යාව කොපමණ ද​?

2020 දී ටිබෙටයට පැමිණේයැයි බලාපොරොත්තු වන සංචාරකයන් සංඛ්‍යාව කොපමණ ද​?

චීනයේ ටිබෙට් ස්වතන්ත්‍ර පාලන ප්‍රදේශයට 2016 වසරේදී පැමිණි සංචාරකයින් සංඛ්‍යාව මිලියන 23 ඉක්මවන බව එම ප්‍රාදේශීය සංචාරක ප්‍රවර්ධන කොමිසම ප්‍රකාශ කළේය.

ෂින්හුවා පුවත් සේවය සඳහන් කළ පරිදි, එම කොමිසම ප්‍රකාශ කර ඇත්තේ, ටිබෙටයේ විවිධ උත්සව අවස්ථා සඳහා සහභාගී වන නරඹන්නන් හේතුවෙන් සංචාරකයන් සංඛ්‍යාව ඉහළ යන බවයි.

2020 දී ටිබෙටයට මිලියන 30 ක සංචාරකයන් පැමිණෙතැයි බලධාරීහු විශ්වාස කරති.

මේ වනවිට ටිබෙටයේ 320,000 ක් පමණ දෙනා සංචාරක කර්මාන්තය ආශ්‍රිත රැකියාවල නිරත වෙති. ගොවිතැනෙහි නිරත වන්නන් සිටින්නේ 97,000 ක් පමණි.

ටිබෙට් ස්වතන්ත්‍ර පාලන ප්‍රදේශයේ සමස්ථ ජනගහනය මිලියන 3.18 කි.

ඡායාරූපය: ලාසා නගරයේ පෝතලා මාළිගය (ෂින්හුවා)

About The Author

Related posts

Leave a Reply