December 11, 2017

2016 ජපන් රූ රැජිණ ප්‍රියන්කා යොෂිකාවා

2016 ජපන් රූ රැජිණ ප්‍රියන්කා යොෂිකාවා

2016 ලෝක රූ රැජිණ තරඟයේ පළමු 20 දෙනා අතරට තේරී පත්වූ තරුණියන් අතරින් ජපානයේ ප්‍රියන්කා යොෂිකාවා විශේෂිත තරුණියකි.

ඒ ඇය අර්ධ ඉන්දියානු කාන්තාවක වන නිසාය.

යොෂිකාවාගේ පියා ඉන්දියාවෙන් ජපානයට සංක්‍රමණය වූ අයෙකි. ඇගේ මව ජපන් ජාතික කාන්තාවකි. තෝකියෝවේ උපන් යොෂිකාවා ඇමරිකාවේ සහ ඉන්දියාවේ ද ජීවත් වී තිබේ.

යොෂිකාවා ජපන් රූ රැජිණ තරඟයෙන් ජයග්‍රහණය කළේ 2016 සැප්තැම්බරයේ ය. ඇගේ ජයග්‍රහණය අර්ධ – ජපන් කාන්තාවක පිට පිටම ලද දෙවැනි ජයග්‍රහණය ලෙස වාර්තා විය. 2015 දී ජපන් – ඇමරිකන් තරුණියක වන අරියානා මියාමෝතෝ ජපන් රූ රැජිණ ලෙස තේරීපත් වූ පළමු අර්ධ – ජපන් තරුණිය බවට පත් වූවාය.

ප්‍රියන්කා කික් බොක්සිං ක්‍රීඩාවේ නිරත වන්නියක වන අතර අලි ඇතුන් හැසිරවීමේ බලපත්‍රයක් ද ඇය සතුය.

අර්ධ – ජපන් පුරවැසියන් කෙරෙහි ඇතැම් ජපන් ජාතිකයන් දක්වන ආකල්පය අතිශයින් සෘණාත්මකය. අර්ධ – ජපන් වැසියන් එහිදී හඳුන්වන්නේ “හෆූ” කෙනෙකු ලෙස ය. ඇතැම් අය මෙම යෙදුම වෙන්කොට සැළකීමක් නැතහොත් පහත් කොට සැළකීමක් ලෙස දකිති.

කෙසේ නමුත් එම තත්ත්වය වෙනස් වෙමින් පවතින බව ප්‍රියන්කා සිය ජයග්‍රහණයෙන් පසු ප්‍රකාශ කළාය. විශේෂයෙන් 2015 දී අරියානා ජපන් රූ රැජිණ බවට පත් වීම එහි වැදගත් පියවරක් වූ බව ඇය සඳහන් කරයි.

About The Author

Related posts

Leave a Reply