December 11, 2017

2016 ලෝක රූ රැජිණ (Miss World 2016) පුවර්ටෝ රිකෝ දූපතෙන්

2016 ලෝක රූ රැජිණ (Miss World 2016) පුවර්ටෝ රිකෝ දූපතෙන්

පුවර්ටෝ රිකෝවේ ස්ටෙෆනි ඩෙල් වාජ (Stephanie del Valle) 2016 ලෝක රූ රැජිණ වශයෙන් අභිෂේක ලැබුවාය.

1996 දෙසැම්බර් 30 වනදා උපන් ඇය විශ්ව විද්‍යාල ශිෂ්‍යාවකි. වයස අවුරුදු හතරේදී පුවර්ටෝ රිකෝවේ සැන් හුවාන් ළමා සංගීත කණ් ඩායමේ සාමාජිකාවක ලෙස තෝරාගන්නා ලදී. ඇය සිය සංගීත පුහුණුව සමාජ සේවය සඳහා යොදාගෙන ඇත්තේ ඩවුන්ස් සින්ඩ්‍රෝම් තත්ත්වයෙන් පෙළෙන ළමුන් සඳහා සංගීතමය ප්‍රතිකාර වැඩසටහනකට දායක වීමෙනි.

ඇය නිව් යෝර්ක් හි පේස් සරසවියෙහි සන්නිවේදන අධ්‍යයනය පිළිබඳ උපාධියක් හදාරයි.

 

2016 ලෝක රූ රැජිණ තරඟයේ දෙවැනි ස්ථානයට පත් වූයේද කැරිබියානු දිවයිනක තරුණියකි. ඈ ඩොමිනිකන් ජනරජයේ යරිට්සා මිගලිනා රෙයෙස් රමිරෙස් ය. තෙවන ස්ථානය දිනා ගත්තේ ඉන්දුනීසියාවේ නටාශා මැනුවෙලා ය.

අවසන් තරඟකාරියන් පස් දෙනා අතරට පිලිපීනයේ කැට්‍රියෝනා එලීසා ග්‍රේ සහ කෙන්යාවේ එවලින් ජම්බි ද තේරී පත් වූහ.

තරඟකාරියන් 117 ක් සහභාගී වූ මෙවර ලෝක රූ රැජිණ තරඟය පැවැත්වුණේ ඇමරිකා එක්සත් ජනපදයේ මේරිනල්ඩ් හි එම්.ජී.එම් නැෂනල් හාර්බර් (MGM National Harbor) නිවාඩු නිකේතනයේ ය.

ඇමරිකාවට අයත් කැරිබියානු දූපතක් වන පුවර්ටෝ රිකෝවට ලෝක රූ රැජිණ කිරුළ හිමි වූ දෙවන වතාව මෙයයි. මීට පෙර 1975 දී එරට රූ රැජිණ වූ විල්නෙලියා මර්සෙඩ් ලෝක රූ රැජිණ ලෙස අභිෂේක කරනු ලැබුවාය.

ඡායාරූප: Miss World

About The Author

Related posts

Leave a Reply