December 11, 2017

නවසීලන්ත ක්‍රිකට් ආයතනයේ පළමු සභාපතිනිය ඩෙබී හොක්ලි

නවසීලන්ත ක්‍රිකට් ආයතනයේ පළමු සභාපතිනිය ඩෙබී හොක්ලි

නවසීලන්ත ක්‍රිකට් ආයතනයේ 122 වසරක ඉතිහාසය තුළ පළමු වරට කාන්තාවක් එහි සභාපති ධූරයට තේරී පත් වූවාය.

ඒ හිටපු නවසිලන්ත ක්‍රිකට් නායිකා ඩෙබී හොක්ලි ය.

1962 නොවැම්බර් 7 වනදා උපන් හොක්ලි සිය 16 වන උපන් දිනය පසු කොට මාස තුනක් ගතවීමට පෙර, එනම් 1979 ජනවාරියේදී, සිය පළමු ටෙස්ට් තරඟයට සහභාගී වූවාය. ඒ ඔස්ට්‍රේලියාවට එරෙහිව මෙල්බර්න් නගරයේදී ය. සිය අවසන් ටෙස්ට් තරඟයට 1996 දී සහභාගී වූ ඇය අවසන් එක්දින තරඟයට ක්‍රීඩා කළේ 2000 දී ය.

දකුණත් පිතිකාරියක වූ ඇය ටෙස්ට් තරඟ 19 කදී ඉනිමකට ලකුණු 52.04 ක සාමාන්‍යයක් රඳවා ගත් අතර එක්දින තරඟ 118 කදී සාමාන්‍යය 41.89 ක රඳවාගත්තාය. එක්දින ලකුණු 4064 ක් ලබාගත් ඈ, ඒ අනුව එක්දින ජාත්‍යන්තර ලකුණු 4000 පසුකළ පළමු ක්‍රීඩිකාව බවට පත් වූවාය. එමෙන්ම එක්දින ජාත්‍යන්තර තරඟ 100 ක් ක්‍රීඩා කළ පළමු ක්‍රීඩිකාව වූයේද ඇයයි.

ඩෙබී හොක්ලි වසර තුනක් සිය ධූරයෙහි රැඳී සිටිනු ඇත.

About The Author

Related posts

Leave a Reply