December 11, 2017

ටෙස්ට් වරම් නොලද දක්ෂතම​ ඔස්ට්‍රේලියානු ක්‍රීඩකයා

ටෙස්ට් වරම් නොලද දක්ෂතම​ ඔස්ට්‍රේලියානු ක්‍රීඩකයා

ඔස්ට්‍රේලියානු ක්‍රීඩකයන් අතුරින් ටෙස්ට් වරම් නොලද දක්ෂතම ක්‍රීඩකයා ලෙස ජැක් මැසී (Jack Massie) හඳුන්වා දිය හැක.

හිටපු ඔස්ට්‍රේලියානු නායක හියු මැසීගේ පුත්‍රයා වූ ඔහු වමත් වේග පන්දු යවන්නකු වූ අතර අඩි හයයි අඟල් 4 ක උසින් යුතු විය. නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය වෙනුවෙන් ක්‍රීඩාකළ මැසී පළමු පෙළ තරඟවලදී විකට් 99 ක් ලබා ගත්තේය. ඒ බොහෝ විකට් ඔහු ලබාගත්තේ 1912-13 සහ 1913-14 තරඟවාරයේදී ය.

අද මෙන් විශාල අන්තර්ජාතික තරඟ ප්‍රමාණයක් නොතිබුණු එකළ මැසීට ක්‍රීඩා කිරීමේ අවස්ථා සීමා විය. ඔහුගේ දීප්තිමත් ම අවුරුදු කිහිපයේ ඔස්ට්‍රේලියාව එකදු ටෙස්ට් තරඟයකට හෝ සහභාගී නොවී ය.

1914 දකුණු අප්‍රිකා සංචාරය සඳහා මැසී තෝරාගනු ලැබුණේ මේ අතර ය. එහෙත් පළමු ලෝක යුද්ධය හේතුවෙන් එම සංචාරය අවලංගු විය.

යුධ සේවයට බැඳුන මැසී 1915 දී ගැලිපොලි සටන් ව්‍යාපාරය අතරතුර ලෝංග් පයින් සටනේදී (Battle of Long Pine) තුවාල ලැබී ය. ඔහුගේ ක්‍රීඩා දිවිය ඉන් නිම විය.

මැසී ක්‍රිකට් මෙන්ම වෙනත් ක්‍රීඩා කිහිපයක ද යෙදුණ නමුත් ඒවායෙන් ජාතික කණ් ඩායම් නියෝජනය කළේ නැත. ඔහු මළල ක්‍රීඩා, ඔරු පැදීම සහ රග්බි ක්‍රීඩාවෙන් නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය නියෝජනය කළ අතර ආධුනික හෙවිවේට් බොක්සිං ක්‍රීඩකයකු ද විය.

About The Author

Related posts

Leave a Reply