December 11, 2017

නිව්යෝර්ක් නුවර පැවැත්වූ ලොව පළමු අන්තර්ජාතික ක්‍රිකට් තරඟය​

නිව්යෝර්ක් නුවර පැවැත්වූ ලොව පළමු අන්තර්ජාතික ක්‍රිකට් තරඟය​

ලෝකයේ පළමු අන්තර්ජාතික ටෙස්ට් ක්‍රිකට් තරඟය පැවැත්වුනේ 1877 දී ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවද දී ය. ඒ සත්කාරක ඔස්ට්‍රේලියාව සහ එංගලන්තය අතර ය. එහෙත් ලොව පළමු අන්තර්ජාතික ක්‍රිකට් තරඟය පැවතියේ අදටත් ටෙස්ට් වරම් නොමැති රටවල් දෙකක් අතර ය.

ඒ කැනඩාව සහ ඇමරිකා එක්සත් ජනපදය යි.

ඇමරිකාවේ නිව්යෝර්ක් නුවර සාන්ත ජෝර්ජ් ක්‍රීඩා පිටියෙහි 1844 සැප්තැම් බර් 24 සිට 26 දක්වා මෙම තරඟය පැවතියේය. මුලින් සැලසුම් කර තිබුණේ තරඟය සැප්තැම් බර් 24 සහ 25 පැවැත්වීමට ය. නමුත් දෙවන දිනය වර්ෂාවෙන් සේදී ගියෙන් තරඟය 26 වෙනිදා ද පවත්වන ලදී.

මෙම තරඟය කැනඩාව විසින් ලකුණු 23 කින් ජයග්‍රහණය කරන ලදී.

ලකුණු තත්ත්වය:

කැනඩාව – පළමු ඉනිම සියල්ලන් දැවී 82, දෙවන ඉනිම සියල්ලන් දැවී 63.
ඇ.එ.ජ. – පළමු ඉනිම සියල්ලන් දැවී 64, දෙවන ඉනිම සියල්ලන් දැවී 58.

About The Author

Related posts

Leave a Reply