December 11, 2017

ලෝකයේ මත්පැන් පරිභෝජනය ඉහළම රට

ලෝකයේ මත්පැන් පරිභෝජනය ඉහළම රට

ඒක පුද්ගල මත්පැන් පරිභෝජනය ඉහළම රට බෙලෝරුසියාව බව නවතම ගණනය කිරීම්වලින් හෙළිව තිබේ.

බෙලෝරුසියානුවකු වසරකදී පරිභෝජනය කරන මත්පැන් ප්‍රමාණය සාමාන්‍යයක් ලෙස ගත් කළ ලීටර් 17.32 කි. මීට බියර් ලීටර 3.1 ක්, ස්ප්‍රීතු වර්ග ලීටර 8.16 ක් වයින් ලීටර 0.35 ක් සහ අනෙකුත් මත්පැන් ලීටර 5.71 ක් ඇතුලත් වේ.

wine_glass

මෙම ලැයිස්තුවේ දෙවැනි ස්ථානය ලබාගෙන සිටින අසල්වැසි ලිතුවේනියාවේ මත්පැන් පරිභෝජනය එක් පුද්ගලයකුට වාර්ෂිකව ලීටර 12.65 කි.

ප්‍රංශය මෙම ලැයිස්තුවේ හත්වැනි තැන ලබාගෙන සිටියි. ඒ ලීටර 11.8 ක් සමඟ ය. එයින් ලීටර 6.9 ක් ම වයින් වර්ග වීම මෙහිදී විශේෂ කොට ගත හැකිය.

තව ද රුසියාව ඒක පුද්ගල මත්පැන් පරිභෝජනය අතින් 13 වන ස්ථානය ලබාගෙන සිටින අතර ඒ ලීටර 11.05 ක් සමගිනි. ලීටර 8.67 ක් වාර්තා වන ඇමරිකා එක්සත් ජනපදය 41 වන ස්ථානය ද චීනය 83 වන ස්ථානය ද ලබාගෙන ඇත.

මේ අතර මැද පෙරදිග සහ උතුරු අප්‍රිකාවේ මත්පැන් පරිභෝජනය ඉතාම අඩු ය.

ආසියාතික රටවල් අතර දකුණු කොරියානුවෝ 35 වන ස්ථානය ලබාගෙන සිටිති. ඒ ලීටර 9.35 ක වාර්ෂික ඒක පුද්ගල මත්පැන් භාවිතයක් සමගිනි.

ශ්‍රී ලංකාව ලීටර 3.03 ක වාර්ෂික ඒක පුද්ගල මත්පැන් භාවිතයක් වාර්තා කරයි. ඒ අනුව ලංකාව 115 වන ස්ථානයේ සිටින අතර ලීටර 3 ක පරිභෝජනයක් ඇති ඉන්දියාව 117 වන ස්ථානයේ වෙයි.

ලෝක බැංකුව සහ ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නිකුත් කළ සංඛ්‍යා ලේඛන පදනම්ව The Daily Viz වෙබ් අඩවිය විසින් මෙම ගණනය කිරීම් සිදු කර ඇත.

About The Author

Related posts

Leave a Reply